මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රී මිල ගණන් ඉහල යාම නිසා..(එජාපය හදාගත්තා කියන්නේ ඉල්ලන සල්ලි දීලා..)- ජනාධිපති

December 8, 2018 at 1:20 pm | lanka C news
මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රී මිල ගණන් ඉහල යාම නිසා..(එජාපය හදාගත්තා කියන්නේ ඉල්ලන සල්ලි දීලා..)- ජනාධිපති

මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ටෙන්ඩර් දමා මිල ගණන් කැඳවීම් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් මිලියන 500 දක්වා ඉහළ මිල ගණන් ලංසු තැබූ බව තමන් පුද්ගලිකව දන්නා බව ද ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සදා ගැනීමට නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම නිසා බවද ජනාධිපතිවරයා කියයි.

එසේ නොවී මහින්ද රාජපක්ෂ මහතා 113 සාදා ගත්තේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොඇදෙන බව ද ඔහු සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ 113 සකස් කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් කරන ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් බහුතරය සකස් කරගෙන ඇත්තේ ඒ සා විශාල මුදලක් වියදම් කර ඇති බව විය හැක.

මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රී මිල ගණන් ඉහල යාම නිසා..(එජාපය ඉල්ලන සල්ලි දීලා..)

මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රී මිල ගණන් ඉහල යාම නිසා..(එජාපය හදාගත්තා කියන්නේ ඉල්ලන සල්ලි දීලා..)- ජනාධිපති

Gepostet von ල lanka C news am Samstag, 8. Dezember 2018

23 views

16 Comments to “මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රී මිල ගණන් ඉහල යාම නිසා..(එජාපය හදාගත්තා කියන්නේ ඉල්ලන සල්ලි දීලා..)- ජනාධිපති”

  1. Raawana says:

    bahutharaya hadanna balaagena hitiye laabeta aragenada….? range…..api hamuwelaa kathaa karamu.

  2. Vijitha says:

    වැදගත් කොටස – “2015 මහින්ද අඩි 6ක් යට යවයි කියල කිව්වේ. හැබැයි රනිල් එක්ක හිටියොත් යට යන්නේ මගේ මාතෘ භූමිය මාව අඩි 6ක් යටට ගියත් කමක් නැහැ මාතෘ භූමිය රැකිලා”.

  3. indunil says:

    janamatha mannkollya saha maha banku mannkollaya………………….

Main News