මහින්දට බාර දෙන්න සූදානම්.. මං විශ‍්‍රාම යනවා..- ජනපති මෛත‍්‍රී 16 කණ්ඩායමට කියයි..

May 19, 2018 at 10:40 am | lanka C news
මහින්දට බාර දෙන්න සූදානම්.. මං විශ‍්‍රාම යනවා..- ජනපති මෛත‍්‍රී 16 කණ්ඩායමට කියයි..

තමන් දේශපාලනය ගැන කලකිරී සිටින බවත් ඉදිරයටත් දේශපාලනය කිරීම ගැන ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ අදහස් පල කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 කණ්ඩායම සමග ඊයේ පැවැති සාකච්චාවකදීය.

තීන්දුවක් ගැනීම සදහා ලබන 03 වැනිදා වන තෙක් කල් මැරිය නොහැකි බව එම කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

තව දුරටත් දේශපාලනය කිරීමේ අදහසක් නැත්නම් පක්‍ෂය මහින්ද මහතාට බාර දෙන ලෙසත් දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසු ආරක්‍ෂාව ආදිය සම්බන්ධයෙන් තම කණ්ඩායම වගකියන බවටත් ඔහු ජනාධිපතිරයාට සදහන් කර කල බව 16 කණ්ඩායමේ මන්ත‍්‍රිවරයෙක් කීය.

රට ගොඩ ගැනීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් නම් පක්‍ෂය ඔහුට බාර දීමට සූදානම් බවත් සදහන් කර ඇති ජනාධිපතිවරයා ඉන් පසු තමන්ගේ ආනාගතය ගැන දීර්ඝ ලෙස සාකච්චා කල යුතු බවද සදහන් කර ඇත.

රනිල් වික‍්‍රමසිංහ, රාජිත සේනාරත්න ආදීන් පවා දැන් තමන් සමග සිටිනුයේ එතරම් හොද ගනුදෙනුවක නොවන බවත් දුමින්ද හා අමරවීර සන්ධාන, ශ‍්‍රිලනිප මහ ලේකම්වරුන්ගේ කටයුතු ගැන යම් ප‍්‍රශ්න ඇති බවත් ජනාධිපතිවරයා එම පිරිස හා පවසා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

තම කණ්ඩායම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයට එක්වීමට කැමැත්තෙන් සිටින බවත එහි එහි පිරිස ජනාදිපතිවරයාට දන්වා ඇති අතර ජනාධිපතිවරයා ඊට කිසිදු විරෝධතාවක් දක්වා නැතැයි පැවසෙයි.

මෙම සාකච්චාව පුරාම ජනාධිපතිවරයා කලකිරුණු ස්වභාවයෙන් සිටියේ යයිද 16 කණ්ඩායමේ මන්ත‍්‍රිවරයෙක් කීය.

101 views
Main News