මහින්දට බැරි වූ සියල්ල මං කලා.. නමුත් ඒවා ඇගට දැනෙන්නෙ නෑ.. බඩට දැනේනේ නෑ..
October 19, 2016 at 7:06 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කල නොහැකි වූ දේ තමන් වසර දෙකක් ඇතුලත සිදු කල බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප්රකාශයක් පුවත්පතකින් දුටු බවද කී ජනාධිපතිවරයා ගත වූ කාලයේ තමන් විසින් කරන ලද දේවල් ඇගට නොදැනෙන බඩට නොදැනෙන ඒවා විය හැකි යයිද කියා සිටියේ පාර්ලිමේන්තු ක්රිඩාංගණයේදී පැවති උත්සවයක් අමතමිනි.