මහින්දට යලිත් පුළුවන් කියූ සරත් එන් සිල්වාම මහින්දට කිසිදා බැරි වෙන විදිහට හිර කරන හැටිත් ආණ්ඩුවට කියා දෙයි..

August 30, 2018 at 10:32 pm | lanka C news
මහින්දට යලිත් පුළුවන් කියූ සරත් එන් සිල්වාම මහින්දට කිසිදා බැරි වෙන විදිහට හිර කරන හැටිත් ආණ්ඩුවට කියා දෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීලග ජනාධිපතිවරණය සදහා ස්ථිරවම තරග වැදිය හැකි බවත් එයට කිසිදු නීතිමය බාධාවක් ව්‍යවස්ථාවෙන් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහි කර ඇති නව ජනාධිපතිවරයා කලින් 78 ව්‍යවස්ථාවේ සිටි ජනාධිපතිවරයා නොවන බවත් පවසන ඔහු ජනාධිපතිවරණ පනත මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණය සදහා රාජපක්‍ෂ මහතා තරග වැදුනහොත් කල හැකි එකම නීතිමය කටයුත්ත වන්නේ ජනාධිපතිවරණයෙන් පසු ඡන්ද පෙත්සමක් ඉදිරිප්ත කිරීම පමණක් යයි ඔහු කියා සිටී.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයකට ඉදිරිපත් වීම වැලැක්වීම සදහා ආණ්ඩුව විසින් කල යුත්තේ එක් වාඛ්‍යක් පමණක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එක් කිරීම පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එනම් ‘මහින්ද රාජපක්‍ෂට මැතිවරණ සදහා තරග කිරීම නොහැක’ යන නති වැකිය ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ව්‍යවස්ථාවට එක් කිරීම බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

48 views
Main News