මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..

August 21, 2018 at 9:20 am | lanka C news
මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න සම්බන්ධයෙන් මෙරට ඕනෑම පුරවැසියකුට දිසා අධිකරණයට ගොස් ප්‍රකාශක තීන්දුවක් ඉල්ලා සිටිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

එවිට දිසා අධිකරණය විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත තීන්දුවක් දීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කරයි.

අද වන විට මෙරට ඇත්තේ 1978 ව්‍යවස්ථාව ඇති කරන ලද ජනාධිපතිධුරය නොව වෙනත් ජනාධිපති ධූරයක් බවත් 19 සංශෝධනය සිදුකර ඇත්තේ අතීතයට බලපාන ලෙස කිසිදු වගන්තියක් නැතිව බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හා මෙරට පුරවැසියෙකු ලෙස තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ නම් අධිකරණය හමුවට යාමට ඉදිරි දින වලදී කටයුතු කිරීමට සූදානම් යයිද ඒ මහතා සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සැලකෙන්නේ මෙරට අති බහුතර නීතීඥයන්ගේ ගුරුවරයා ලෙසයි. අදටද නීති සිසුන් වැඩිපුරම භාවිත කරනු ලබන්නේ ඔහු විසින් රචිත නීති පොත්ය.

117 views

19 Comments to “මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..”

  1. Ratnamalala says:

    මොනවාද මේ කතා. අවශ්‍ය නම් අධිකරණයට යන්නම් කියන්නෙ. බලබල ඉන්නේ නැතුව අවශ්‍ය කටයුතු කරලා පෙන්නුවානම් ඉවර යිනේ.

  2. Nishantha says:

    Wijebahu na kiwwe nahane !! E kiyanne eya porak aaa!!

  3. kith says:

    If the parliament has passed the legislation prohibiting a President to contest for a second term, could the court take action against those who contested twice previously.?

Main News