මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ…

November 4, 2017 at 9:20 am | lanka C news
මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ඒකාබද්ද විපක්‍ෂයට ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත් දෙපිරිස අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමට ශ‍්‍රීලනිප ආන්ඩු පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මැතිවරණයේදී කණ්ඩායම් දෙකක් ලෙස තරග වැදුනහොත් අවාසි නිසා දෙපාර්ශවය අතර මෙවන් එකගතාවක් හෝ ඇති විය යුතු යයි සලකා බලා මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

නාම යෝජනා ලයිස්තු සකස් කිරීමේදී මේ සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කල යුතු බවත් සාකච්චා වී ඇත.

මෙමගින් යෝජනා වී ඇත්තේ රට පුරා ඇති පළාත් පාලන කොට්ඨාශයන් බෙදාගෙන ශ‍්‍රීලනිපය කොටසකත් අනෙක් කොටසේ ඒකාබද්දයත් තරග වැදීමටයි.

කණ්ඩායම් දෙකම එකම කොට්ඨාශයේ තරග වැදීම යෝජිත මෙම ක‍්‍රමය අනුව සිදු නොවෙයි.

95 views

18 Comments to “මහින්දට ලොවෙත් නැති ගුලියක් අඹරයි.. නියත පරාජයෙන් බේරෙන්න නිතරග ගිවිසුමක ඒකාබද්දය හිර කරන්න ශ‍්‍රීලනිපය සැරසේ…”

  1. රාහුල කොලුවා says:

    අපිත් මේ බලාගෙන ඉන්නේ මහින්ද ඔය ගැටවලට අහු වෙයිද කියලා… අහු වුනොත් අපේ චන්දෙත් මහින්දට නෑ…

    • Kuveni says:

      If MR wants to reach a non contesting agreement then, he should request Sirisena to agree to the following conditions.

      1. Offer a public apology to MR for the treacherous act committed by Sirisena in 2015 against the party and its presidential candidate.

      2. Reappoint MR as the SLFP president.

      Any agreement without accepting the above is equal to the political suicide of MR.

    • Sisira says:

      මහින්ද කිසිම හේතුවක් මත මෛත්‍රී සමග එකතු උනොත් අපේ පවුලේ චන්ද 14ම මහින්දට ලැබෙන්නේ නැහැ. දැනටමත් පවුලේ සියලු දෙනාම එයට එකඟ වී අවසන්.

  2. vishnu says:

    ඒකාබද්ධ නියත ජය නැතිකර ගන්න එපා.කිසිම හේතුවකට
    සාකච්චාවකට යන්න එපා.රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා

  3. John Gabe says:

    This is TRAP After JO winnings, SLFM/CBK will try to put JO members in trouble and to get away from those they will offer big sums for them to join SLFP/CBK thinking SLFP/CBK can take over the majority.

  4. Kadiya says:

    Drohiya drohiyamaya. Den puka muuttuvee paranna bariva dangalanawa. Me borukarayata pihita novemu. Heluwa loketama penvamu.

  5. අත ලකුණ says:

    ශ්‍රීලනිපයේ සියලු තනතුරු (එනම් පක්ෂ නායකත්වය, සභාපති තනතුර, ලේඛම් තනතුර, ආසන සංවිධායකවරු, මධ්‍යම කාරක සභාව සහ පක්ෂයේ අනෙකුත් සියලු තනතුරු) මහින්ද පාර්ශවය ට ලබා දෙන්නේ නම්, 2020 මහ මැතිවරණය දක්වා පැවත්වෙන සියලු මැතිවරණ වල දී මෛත්‍රී පාර්ශවය ට කිසියම් නාම යෝජනා ප්‍රතිශතයක් ලබා දීම සහ රනිල් ගේ කැබිනට්ටුවේ දැනට ඇමතිකම් දරණ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ට 2020 දක්වා එම ඇමතිකම් දැරීමට ඉඩ දීම යන කොන්දේසි දෙකට මහින්ද පාර්ශවය එකඟ වී ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය (සුද්ද සිංහලෙන් ම කියනවා නම්, ශ්‍රීලනිපයේ රනිල් පාර්ශවය) යන පාර්ශව දෙක එකට එකතු වෙනවා දැකීම ගමේ ශ්‍රීලංකා කාරයා ගේ අපේක්ෂාවයි.

    • Sisira says:

      මහින්ද කිසිම හේතුවක් මත මෛත්‍රී සමග එකතු උනොත් අපේ පවුලේ චන්ද 14ම මහින්දට ලැබෙන්නේ නැහැ. දැනටමත් පවුලේ සියලු දෙනාම එයට එකඟ වී අවසන්.

      • අත ලකුණ says:

        මෛත්‍රීපාල ගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපයක මහින්ද සාමාජිකයෙකු ලෙස එක් වීම (එනම් 2015 අගෝස්තුවේ දී වූ දෙය) සහ මහින්ද ගේ නායක්ත්වයෙන් යුත් ශ්‍රීලනිපයක මෛත්‍රී සාමාජිකයකු ලෙස එක් වීම යනු එකක් නොව දෙකකි. මෛත්‍රී විසින් ශ්‍රීලනිපය මහින්දට නැවත බාරදෙනවා යනු එක් පැත්තකින් මෛත්‍රී මහපොලවේ යතාර්ථය පිළිගැනීමකි. එනම් ශ්‍රීලංකා කාරායා ගේ නායකයා තමන් නොව මහින්ද බව පිළිගැනීමකි. (ඇත්තවශයෙන් ම පවසනවා නම්, ඉන් ද නොනැවතී රටේ බලාපොරොත්තුව ද මහින්ද බව පිළිගැනීම කි.) අනෙක් පැත්තේන් එය මෛත්‍රී පමණක් නොව රනිල් – සිරිසේන හවුල් ආණ්ඩුව ද 2015 ජනවාරි ව්‍යාපෘතිය ද ලබන තීරණාත්මක දේශපාලන පරාජයකි. මැතිවරණයක් පැවැත්වීමට පෙර දී ම ලැබිය හැකි එම ජයග්‍රහණය මහින්ද අත් හැරිය යුතු නොවන අතර එය මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයකට පෙරලෙනු ඇත. එළඹෙන අයවැයේ දී රනිල් ගේ ආණ්ඩුව පැරදවීම, නැතිනම්, නව ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වුනොත් එහිදී රනිල් ව පැරදවීම / ව්‍යවස්ථාව ට තුනෙන් දෙකක් ලැබීම වැලැක්වීම වැනි තීරණාත්මක ජයග්‍රහණයකින් තොරව රනිල් ව අගමැති කමින් ඉවත් කරවීම මහින්දට දේශපාලන වාසියක් අත් කර දෙන්නේ නැත. මැතිවරණයක දී රනිල් ව පසුබැස්සවීම, පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තීරණාත්මක ඡන්ද විමසීමක දී රනිල් ව හිර කිරීම වැනි දේකින් තොරව එනම් 2015 ජනවාරි ඡන්ද ප්‍රතිඵලය අහෝසි වන තත්වයකින් තොරව රනිල් ව අගමැතිකමින් ඉවත් කිරීම මහින්ද ගේ දේශපාලන ජයග්‍රහණයක් බවට පරිවර්තනය වන්නේ නැත. ශ්‍රීලනිප මන්ත්‍රීවරු දැනට රනිල් ගේ ආණ්ඩුවේ ඇමතිකම් දැරීම මගින් හෝ වෙනත් ආකාරයකින් රනිල් ගේ ආණ්ඩුවට හේත්තු වී සිටීම මගින් හෝ 2015 ඡන්ද ප්‍රතිඵලයෙන් නිරූපිත තත්වය පවත්වාගෙන යාම, එකී ඡන්ද ප්‍රතිඵලය අහෝසි කරන තත්වයකින් තොරව, වෙනස් කිරීම අනුවණ කමකි. එහෙත් ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රී යටතේ තබා ගෙන සිටීම ට, ශ්‍රීලනිප සාමාජිකයන් ගෙන් අනුමැතියක් මෛත්‍රී ට හිමි වන්නේ නැත. එය වහාම නිවැරදි විය යුතු වෙයි. (ශ්‍රීලනිප නායකත්වයත්, පක්ෂයේ අන් සියලු තනතුරුත් මහින්ද පාර්ශවයට හිමි විය යුතු වෙයි. නාමයෝජනා හිමිවන මෛත්‍රී පාර්ශවයේ අයට දිස්ත්‍රික් සංවිධායක කම් ලබා දිය හැකි වෙයි. ආසන සංවිධායක කම් ලබා දිය හැක්කේ ආසන බලමණ්ඩලවල අනුමැතිය හිමි වන අයට පමණි.) ශ්‍රීලනිප නායකත්වය මහින්ද ට හිමි වෙයි නම්, විජාතික බලවේග වල ට එරෙහි සටනේ නිවැරදි තැන මහින්ද සිට ගනියි නම්, විජාතික බලවේගවල රූකඩයක් වන රනිල් – සිරිසේන ආණ්ඩුව පරාජය කිරීම ඒ හැටි වැඩක් නොවේ.

        • Sisira says:

          The President Maithree cheated MR very badly in last election. Also he defeated his own SLFP.. We are not further fools to vote for any party where the cheater represent. We love MR..

  6. sama says:

    No,NO,NO,NO…..dont do this…we will absain from voting

  7. Sam Fernando says:

    Never get caught for God’s sake.SLFP will definitely get the 4 th place. JVP will be the third.

  8. Sisira says:

    IF MAHINDA AGREED FOR ANYTHING WITH HITAN MY FULL FAMILY OF 14 PEOPLE WILL NOT VOTE YOU.. ALL FAMILY MEMBERS HAVE AGREED TO VOTE MAHINDA ONLY IF CONTEST ALONE.. I HOPE THIS IS THE SITUATION FOR EVERY OPPOSITION MEMBERS..

    • Critic says:

      I do agree with Sisira as my family members also have taken the same decision not to vote for MR if he joins with the sinking ship.

  9. Sisira says:

    මහින්ද කිසිම හේතුවක් මත මෛත්‍රී සමග එකතු උනොත් අපේ පවුලේ චන්ද 14ම මහින්දට ලැබෙන්නේ නැහැ. දැනටමත් පවුලේ සියලු දෙනාම එයට එකඟ වී අවසන්.

    • අජිත් says:

      මහින්ද රාජපක්ෂ මැතිතුමා ආප්ප සිරාගෙ ගැට වලට
      අසුවේ යයි කිසි කෙනෙක් නිකරුනේ භියවිය යුතු නැත. දවල් වැටුනු වලේ රෑ වැටෙන්නට තරම් අනුවන නොවන
      එතුමා පරිනත බුද්ධියෙන් යුතු ශ්‍රී ලංකා දේශපාලනය ගැන
      කෘතහස්ත දැනුමක් ඇති යුග පුරුෂයෙකි.

  10. Aurora says:

    පහුගිය චන්දෙදි හිටන් එක්ක නොඉල්ලා තනියම චන්දෙ ඉලුවානම් විපක්ෂ නායකකම හෝ අඩුතරමේ තියනවා. හිටන් හෙවත් බොරුපති කිව්වොත් බොරුවක් බව නොදන්නේ කව්ද? පස්පව් අතරින් බරපතලම පව බොරුකීම වන අතර කිසිම ලැජ්ජාවක් බයක් නැතිව බොරු කීම සහ පාවාදීම මේ පහත් ජන්මයක් තියන ජරා සතාගේ උපන්ගෙයි ගතියක්. මූට චන්ද 10% වත් තිබුනානම් චන්දෙට මෙච්චර බයක් නැතුව චන්දෙට එනවා. මැයි රැලිවලට පක්ෂ සම්මේලනවලට UNP කාරයන් ගෙන්නගත්තට මුගේ SLFP එක බේරගන්න UNP චන්දත් දෙන්නවිදිහක් නැහැ. UNP එකත් උන්ගේ ස්ථිර 25% න් පහලට වැටිලා ඉන්නේ. සිරිසේනගේ SLFP එකට තියන නියම චන්දගණන දකින යහපාලනේ එල්ලිලා ඉන්න SLFP මෝඩයින්ටත් හිටන්ව මඩේම හිටවල එතනින් මාරුවෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මරාලෙන් ගැලවෙන්න උත්තේජනයක් දෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ප්‍රමුඛ කාර්යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මරාලෙ පරාදකරන එකයි. සිරිසේනට අමුඩ ගස්සන අතරේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මරාලෙ පරාදකරන්න තියන ලේසිම, ආරක්ෂාකාරීම සහ හොඳම විදිහ තනියම පළාත් පාලන චන්දෙට මුහුණදීලා දිනන එකයි. ඒක කරන්න පුළුවන් ලේසියෙන්ම UNP හොරචන්ද දැමිල්ල වලක්වගත්තොත්.

Main News