මහින්දට වඩා නරක දේවල් කරන මෛත‍්‍රී දැන් පල..- දඹර අමිල හිමි

June 11, 2018 at 9:20 am | lanka C news
මහින්දට වඩා නරක දේවල් කරන මෛත‍්‍රී දැන් පල..- දඹර අමිල හිමි

මහින්දට වඩා නරක දේවල් කරන මෛත‍්‍රී ජනාධිපතිට ‘දැන් පල’ යයි කියන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද පුරවැසි බලය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේබ මේ බව පැවසූහ.

අර්ජුන් අලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කිරීම සදහා පැවති මෙම මාධ්‍ය හමුවේදී උන් වහන්සේ කියා සිටියේ කිසිවෙකගෙන් කහට උගුරක් හෝ බී නැති බවත් දුන්නේ යයි කියන ඔ්නෑම අයෙකුට ඒ ගැන විවෘතව කියන ලෙසත්ය.

මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා වේදිකාවට නැග්ගගේද ඔහු එලවන්නට පෙරමුණ ගත්තේද තමන් වහන්සේ ඇතුළු පිරිස බවද කී ඇමිත හිමියෝ මෛත‍්‍රීපාල සිරිසේන 2015 දි ගේන්න පෙරමුණ ගත්තා සේම ‘දැන් පල’ කියා අවුරුදු තුනක් යන්න කලින් ඔහුට දන්වන බවත් කීහ.

ටීඑන්එල් නාලිකාව අවහිර කරමින්, ඊ නිවුස් කරමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද කරන්නේ මහින්ද රාජපක්‍ෂ කළාට වඩා නරක දේවල් යයිද කරන්න කියා බාර දුන් කිසි වැඩක් නොකර වෙනත් දේවල් කරමින් තවත් ඉන්න හදන්නේ යයිද උන් වහන්සේ එහිදී තව දුරටත් චෝදනා කලේය.

123 views
Main News