මහින්දට විපක්‍ෂ නායකමෙන් ඉවත් කර ආණ්ඩුවේ ගොඩට දමයි.. සම්බන්ධන් තව දුරටත් විපක්‍ෂ නායක.. මහින්ද නවතන්න තවත් ගුලියක් අඹරයි..

December 18, 2018 at 10:31 pm | lanka C news
මහින්දට විපක්‍ෂ නායකමෙන් ඉවත් කර ආණ්ඩුවේ ගොඩට දමයි.. සම්බන්ධන් තව දුරටත් විපක්‍ෂ නායක.. මහින්ද නවතන්න තවත් ගුලියක් අඹරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය ලබා දිය නොහැකි බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජනාධිපතිවරයා ආණ්ඩුවේද කැබිනට් මණ්ඩලයේද ප‍්‍රධානියා වන බැවින් සන්ධානයට විපක්‍ෂ පාර්ශවය දිය නොහැකි බව දෙමල සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

ඒ අනුව තව දුරටත් තම සන්ධානය ප‍්‍රධාන විපක්‍ෂය ලෙසත් ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ලෙසටත් කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කල බවත් සිකුරාදා දිනයේ ඊට පිලිතුරක් ලබා දෙන බව කතානායකවරයා දැන්වූ බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියයි.

121 views

53 Comments to “මහින්දට විපක්‍ෂ නායකමෙන් ඉවත් කර ආණ්ඩුවේ ගොඩට දමයි.. සම්බන්ධන් තව දුරටත් විපක්‍ෂ නායක.. මහින්ද නවතන්න තවත් ගුලියක් අඹරයි..”

  1. ranjan says:

    සංධානය විපක්ෂය නොවේනම් ආණ්ඩුපක්ෂයයි.අගමැති සහ කැබිනට් එක ඒ පක්ෂයෙන් පත් විය යුතුයි .ගැටලුව අධිකරණයෙන් විසදනතෙක් ජනාධිපති කැබිනට්ටුව පත් නොකළ යුතුයි .

  2. ගන්ජ බන්ඩා says:

    අලි කොටි සීනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිරිකොතේ කතානායකගෙන් ඉගන ගනිල්ලා.

  3. Awaman( Suman )diran says:

    Yamapaalanaya thibenkota Janadipathi saha Agamathi ekama sandaanayakin darana kaale ehemanam dan Janadipathi saha wipaksha nayakakama ekama sandaanayakin bahai kiyala wyawasthawe koheda, mona waganthiyeda thiyenne kiyala pahadili karala denna puluwanda kiyala me hiwala gen ahamu.

  4. kamal says:

    මහින්ද විපක්ෂ නායක නොවේ නම්
    එහෙනම් කැබිනටි ඇමතිවරු 53% හා 48% වශයෙන් බෙදිය යුතුයි. එසේ බෙදිමට එක්සත් ජාතික පන්ෂය අකැමැති නම් විපක්ෂ නායක කම දිය යුතුයි. මිට සිංහල නිති විශාරද කමල් හා විනය විශාරද කිරිබත්ගොඩ ඤණානන්ද හිමි. තවද මම කියන්නෙ අගැමැති විතරක් එක්සත් ජාතික පක්ෂය වුනාම ඇති අනිත් අය බහුතරය මත බෙදිය යුතුයි. ඇමති මණ්ඩල බාරගන්නෙ නැති ටිඑනඒ හා ජවිපෙ විපක්ෂයට දමා සන්ධානයයි එකසත් ජාතික පක්ෂයයි එකතු විය යුතුයි.

  5. kamal says:

    මහින්ද රනිල් අනුර අපිට වැඩක් නැ අපට ඔනේ මේවා
    පලාත් සභා අහෝසිකිරිම
    අධ්‍යාපනය නවය පන්තියේ වෘත්තිය පුහුණු පටන් ගැනිම
    ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරිම
    ආනයනය සිමා කිරිම
    නිෂ්පාදනය වැඩිකිරිම
    මත්පැන් බිම පිලිකුල් කර අධ‍ෛර්යමත් කිරිම
    බුදු දහම ප්‍රවර්ධනය කිරිම
    සිංහල භාෂාව රැකිම
    හින්දුන්ට උදව් කර බුදු දහම ප්‍රචාරණය
    හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරයට උදව් දිම
    දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
    මහාවංශය පිලිගැනිම හා රාවණා බොරුවක් බව ඉන්දියාවට ප්‍රකාශ කිරිම
    තව ගොඩක් තියෙනවා උඹලා කපටියි බුරුවෝ මගේ සිංහල ලේ කකියනවා

  6. EKADIPATHI says:

    me ranilge ekadipathi umathuwayi. ranilta agmathi kama karannath one, janapathi kama karannath one, anduwa karannath one, wipaksaya karannath one. ekayi me ekadipathi wiyaruwa. rathu pataw thamayi sapot.

  7. Ariyathilaka says:

    ජාතිවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීම රටේ ජනවාර්ග අතර ජාතික සමගියට හා ඒ,ඒ ජන කොටස් අතර විශ්වාසය නැති වී නැවත ජාතික අර්බුද අර්බුදයක් දක්වා තල්ලු වීමට මග පාදනු ඇත; 1956 සිංහල භාෂා පනත සම්මත කිරීමෙන් පසු දෙමළ ජනතාව සිංහල ජනතාව අවිශ්වාස කිරිම පමණක් නොව ඊට පසුව දෙපිරිස අතර කල කෝලාහල ලේ වැගිරීම් කොතෙක් ඇති වී ඇද්ද ? දෙමළ ජන කොටස් ආයුධ සන්නද්ධ අරගල ( ත්‍රස්තවාදී ක්‍රියා ) වලට යොමු විය. ජාතීන් අතර අවිශ්වාසය මුලින් ම උපුටා දැමිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාවේ මුල් ඡේදයේ ” කිසිම පුරවැසියකු වර්ගය, ආගම ,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය , ,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුත්තේ ය” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

  8. Ariyathilaka says:

    ජාතිවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීම රටේ ජනවාර්ග අතර ජාතික සමගියට හා ඒ,ඒ ජන කොටස් අතර විශ්වාසය නැති වී නැවත ජාතික අර්බුද අර්බුදයක් දක්වා තල්ලු වීමට මග පාදනු ඇත; 1956 සිංහල භාෂා පනත සම්මත කිරීමෙන් පසු දෙමළ ජනතාව සිංහල ජනතාව අවිශ්වාස කිරිම පමණක් නොව ඊට පසුව දෙපිරිස අතර කල කෝලාහල ලේ වැගිරීම් කොතෙක් ඇති වී ඇද්ද ? දෙමළ ජන කොටස් ආයුධ සන්නද්ධ අරගල ( ත්‍රස්තවාදී ක්‍රියා ) වලට යොමු විය. ජාතීන් අතර අවිශ්වාසය මුලින් ම උපුටා දැමිය යුතුය. දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේශපාලන භාවිතය අධ්‍යයනය කිරීම වැදගත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාවේ මුල් ඡේදයේ ” කිසිම පුරවැසියකු වර්ගය, ආගම ,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය , ,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුත්තේ ය” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

Main News