මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..

January 3, 2019 at 4:40 pm | lanka C news
මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක යයි කතානායකවරයා නිවේදනය කර ඇතත් ඔහුට මේ වනතෙක් විපක්ෂ නායක කාර්යාලය ලබාදීමට කටයුතු කර නැත.

එම කාර්යාලයේ තව දුරටත් රැඳී සිටින්නේ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක යයි කතානායකවරයා විසින් කර නිවේදනය පිළිනොගන්නා බවයි.

රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් නිසා ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව ද දෙමළ සංධානය සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති විපක්ෂ නායක කාර්යාලයෙන් සම්බන්ධන් මහතා ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයක් ඉවත්ව ගොස් සිටී.

216 views

17 Comments to “මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..”

  1. Ariyathilaka says:

    .කථා නායක තුමා විසින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගෙන ඇති බැවින් එයට අභියෝග කළ යුත්තේ නීත්‍යානුකූලව මිස බලහත්කාරකම් කීරීමෙන් නොවේ. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂ මහතාට නොදී කරන බලහත්කාරකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට (සමස්ත රට වැසියාට) කරන බලහත්කාරකමකි. එය දේශපාලන පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුය. විපක්ෂ නායක ධූරයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ නීන්දුවක් මගින් පමණි .ඊට පිටින් කරන බලහත්කාරකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ,ජනතාවගේ අයිතිවාසිකම් පාගා දැමීමකි. ත්‍රස්තවාදය හදුනා ගත හැක. නීත්‍යානුකූලව පෙනී සිටින පුද්ගලයන් කරන අනීතික බලහත්කාරකම ත්‍රස්තවාදයට වඩා බයානක වීමට පුළුවන

  2. Kalana says:

    Rate neethiyak nedda?

  3. Ratawasiya says:

    Ranil agamathi niwasa allagena hitiya wage me minihath wipaksha karyalaya allagena inne apahu wipaksha nayakakama label Kiyala hithagena wennathi. Musala miniha

  4. සකලබුජං says:

    දකුණු ඉන්දියාවෙ සාගතේ හින්ද ජීවිතය පරදුවට තබල පෝක් සමුද්‍ර සන්දිය පසුකරමින් මෙරටට පීනාගෙන ආ දෙමල කල්ලතෝනි දැන් මෙරටෙන් කොටසකට අයිතිය කියන ගමන්ම පාර්ලිමේන්තුව තුල තමන්ට අයිති නැති දේවලටත් දැන් අයිතිවාසිකම් කියන්ඩ පටන් අරන්!

  5. prasantha says:

    i think sampanthan has a long term plan to devide SLPF and form naional gvt so that he can remain as the opposition leader.

Main News