මහින්දට විශේෂ කාමරයක්ද සහිතව ගෙන්වූ ගුවන් යානය හෙලිවෙයි..

December 31, 2019 at 10:40 am | lanka C news
මහින්දට විශේෂ කාමරයක්ද සහිතව ගෙන්වූ ගුවන් යානය හෙලිවෙයි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණා නොදමන බවත්, පාඩුව අවම කර ආයතනය දියුණු කිරීමට කටයුතු කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ස්වභාවික මරණයකට ලක් කර එය ඈවර කිරිමට උත්සාහ කළ බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග එය අත්හිට වු බව රණතුංග මහතා කීවේය.

කටුනායක ශ්‍රිලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

ඇමතිවරයා සහ ආයතනයේ විධායක නිළධාරින් වෘත්තිය සමිති නියෝජිතයින් අතර විශේෂ සාක්ච්ඡාවක් ද මෙහි දි පැවැත්විණ.

මෙහි දි අනාවරණය වූයේ   ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ රජය සමයේ ලැබු පාඩුව රුපියල් බිලියන 76 ක් බවයි.

කෙසේ වෙතත් 2015 – 2019 යහපාලන ආණ්ඩු කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 115 ක් බව ආයතනයේ මුදල් වාර්තා අනුව තහවුරු වන්නේ යැයි ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2015 වසරේ දි රුපියල් බිලියන 16 ක්, 2016 දි රුපියල් බිලියන 12ක්, 2017 වර්ෂයේ දි රුපියල් බිලියන 28 ක්, 2018 වර්ෂයේ දි රුපියල් බිලියන 17 ක් පාඩු ලබා ඇති අතර 2019 වසරේ එම සමාගම ලැබු පාඩුව රුපියල් බිලියන 40 ක් බව ද මෙහි දි අනාවරණය විය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල දි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක වුවද පසුගිය වසර 05 ක කාලය තුළ ඒ සදහා කිසිදු වැඩපිළිවෙලක් හෝ සැලැස්මක් ක්‍රියාත්මක නොවු බව වෘත්තිය සමිති නායකයෝ මෙහිදි පෙන්වා දුන්හ.

මෙම සැලැස්ම ක්‍රියාත්මක වු 2014 වසරේ, ඊට කලින් වසරේ (2013) බිලියන 32 ක් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 16 ක් දක්වා අඩු කරගෙන තිබුණි.

මහින්ද රාජපක්ෂ  මහතා ජනාධිපතිවරයා සමයේ ඔහුගේ භාවිතයට අධි සුඛෝපභෝගි ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ගෙන ආ බවට පසුගිය රජය කළ ප්‍රචාරයද පට්ටල් බොරුවක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහි දි පෙන්වා දුන්හ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මිල දී ගත් ගුවන් යානා  වෙනුවෙන් අදාල සමාගම එය නොමිලේ ලබා දී තිබුණි.

එම ගුවන් යානා මිලදි ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා එම සමාගම පැවති රජයට කොන්දේසි තුනක් පනවා තිබූ අතර ඉන් පලමු කොන්දේසිය වුයේ ඇමරිකානු ඩොලර් මිලියන 110 ක වන්දියක් ගෙවීමයි. එවකට අළුත් ගුවන් යානයක මිල වූයේ ද ඇමරිකානු ඩොලර් මිලියන 138 කි. පසුගිය ආණ්ඩුව එකග වූ තවත් කොන්දේසියක් වූයේ පෘතුගාල් ගුවන් සේවය නිරන්තරයෙන් භාවිතා කළ ගුවන් ගමන් සදහා නුසුදුසු තත්ත්වයේ පැවති ගුවන් යානයක් මාසිකව මිලියන 585,000 කට කුලියට ගැනීමයි. එම ගුවන් යානය මගී ප්‍රවාහනය සදහා කිසිසේත් නුසුදුසු බවත්, ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රතිරුපය බිද වැටීමට එය ඉහවල් වූ බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණරත්න මහතා මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්නේ මෙම ගුවන්යානයේ නවීකරණ කටයුතු දැන් ආරම්භ වී ඇති බවයි. නිරීක්ෂ චාරිකාවේ දි  එම ගුවන්යානයද නිරීක්ෂණය කළ ඇමතිවරයා එහි නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කීරීම සදහා පහලම සේවකයාගේ සිටි ඉහලම සේවකයා දක්වා වූ අයගේ අදහස් හා යෝජනා ඉතා වැදගත් බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඒ සදහා ඉදිරිපත් වන්නැ‘යි සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. පැවති රජය අනුගමනය කළ විවිධ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම සමාගම කඩා වැටි ඇති බව පැවසූ රණතුංග මහතා එය ගොඩ ගැනීමට රජයට මෙන්ම සේවකයින්ටද උවමනාවක් තිබිය  යුතු බව ද කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය කිසිසේත් ජාතික සම්පත් විකුණා දැමිමට සුදානම් නොබැති බැවින් ආයතනයේ අනාගය පිළිබදව සැක සංකා මතු කර නොගන්නා ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා මේ වසර තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන පාඩුව අවම කොට ඉදිරි වසර 05 තුළ එය මෙරට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සදහා කැප වන්නැ‘යි සියලුම සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේ ය. වත්මන් රජය බලයට පත් වූයේ පසුගිය රජය කළ වැරදි කිය කියා ඉන්නට නොවන බවත් ඒවා නිවැරදි කර රට ගොඩ නැගීමට  බවත් ඇමතිවරයා මෙහි දි අවධාරණය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ගෝ අංශය සහ කේටරින් අංශය ද ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

ඇමතිවරයා සමග සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් මරීනා මොහොමඩ්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක විපුල ගුණතිලක යන මහත්ම මහත්මීන්  ඇතුළු අමාත්‍යංශයේ සහ අදාළ ආයතනවල ආයතන වල ඉහළ නිළධාරින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් ව සිටිය හ.

360 views

17 Comments to “මහින්දට විශේෂ කාමරයක්ද සහිතව ගෙන්වූ ගුවන් යානය හෙලිවෙයි..”

  1. SL says:

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ ඔහුගේ භාවිතයට අධි සුඛෝපභෝගි ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ගෙන ආ බවට පසුගිය රජය කළ ප්‍රචාරයද පට්ටල් බොරුවක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහි දි පෙන්වා දුන්හ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මිල දී ගත් ගුවන් යානා වෙනුවෙන් අදාල සමාගම එය නොමිලේ ලබා දී තිබුණි- NOMILE???

    • A 350 says:

      ඒ මහින් දට ගෙනාපු කට්ටලයක් නොවේ. පලමු පන්තියේ ඩිසයින් එකක් කොහොමත් දෙනවා.
      UNP හොරු ඒක මහින් දට හදපු එකක් කියා උන් ට චන් දෙදෙන මී හරක් ටික ඇන් දුවා.

    • Amaris says:

      මේ ශෝ ඔක්කොම මැතිවරනය ජයග්‍රහනය (ජයග්‍රහනයකලොත්) කරනකම් පමනයි. ඊටපස්සේ ශ්‍රීලන්කන්, වරාය වගේ තම පව්ලේ නෑයින් පත්කරනව. සුදර්මන් රදලියගොඩ යනු අති විශාල චෝදනා වලට ලක් උන කෙනෙක් ගෝටාගේ බලවත් විරෝදය නොතකා ඔහු අයි ටී එන් එකට දැම්ම මෙහි අරමුන එක්තරා පව්ලක් පිම්බවීම. මිනිස්සු ගෝටට චන්දේ දුන්නේ මේව නතර කරන්ඩ. මහබැංකු කොල්ලකාරයො නිදැල්ලේ රාජිත ,රිශාඩ්, සාෆි හිස්බුල්ල නිදෙල්ලේ ඔහුන්ට විරුද්ද නීතිය ක්‍රියාත්මක නොවන්නෙ මන්දකියා පොඩි ලමයි පවා දන්නවා. දන් තියෙන තත්වය අනුව සජිත්ගේ ජයග්‍රහනය නිය්ස්තයි.

      • ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

        umba ithin sajithta chande denna kiyanne unmane ban maha bankuwa horaa kewe

    • tikka says:

      දැන් මෙහෙමනෙ ගොයියො… උඹල අපි අමාරුවෙන් එක කාර් එකක් ගත්තට.. “අළුත්ම කාර් 10ක් එක පාර ගන්න එකෙකුට එයින් 1ක් හෝ 2ක් ෆුල් ඔප්ෂන් එම මිලටම දෙනවා..” ඉහත වාක්‍යයෙහි “කාර්” වචනය වෙනුවට “ප්ලේන්” යොදා ඔබගේ දත්ත සැකසුම් ඒකකයට නැවත ඇතුලත් කරන්න. එවිට ඔබට කොල පාට කුරහන් පාටට පෙනේවි..

  2. Kavindu says:

    අපාහු ශිරත්ගේ මල්ලි සාභාපති කරන්න …ඔසෙට ලාභ ලබයි අපහු….

  3. බන්ඩා says:

    ඔය මහින්ද ⁣ගෙ භාවිතයට ගෙනාව කියන ‘අධි සුඛෝපභෝගි ගුවන් යානා අභ්‍යන්තර කට්ටල’ අද ඩුබාය් ගුවන් සේවයේ බිස්නස් ක්ලාස් යන පවුල් වලට වෙන් කර ගන්න පුලුවන්. පහසු කම් අඩු පරන ප්ලේන් තියන ශ්‍රිලංකන් ගුවන් සේව⁣යට පවුම් 2500 ක් ගෙවන ෂිපොල් හීත්රෝ කොළඹ ගමනට ඩුබාය් ගුවන් සේවයට කාමරයක් සහිතව ගෙවිය යුත්තේ පවුම් 2350ය්. අපේ ශ්‍රි ලංකා නිශ්පාදන විකිනීම සඳහා ලොවපුරා බිස්නස් සඳහා යන අපි වගේ අය දැන් ශ්‍රිලංකන් යන්නේ නැහැ. මේ බව ශ්‍රිලංකන් කැප්ටන් ලත් චන්නවා. ඇමති තුමා අපි වැනි මගීන් හමු උනොත් හොඳය්.

    • ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

      Ayi ban Bando munta Thumaa kiyanne muoo patta horekne….

  4. Sarath says:

    Aparade 2015 Mahindage anduwa peredduwe. Oya kataha tika Prassana eda kiwwa nam api keeyatawath yahapalaneta chande denne ne. Shiranthige malliwa digatama chaiman hetiyata thiyagannawa neda? Namal babatath air hosteresslata gagaha inna thibuna. Aparade.

  5. Jeewanee Kariyawasam , chilaw says:

    Jet ekak wenna athi , mala samayan munta , Mara

  6. Gemunu says:

    මෙහි පාලනය එමිරේට් සමාගමට තියෙද්දි ලාභ ලැබුව. තමන්ගෙ හෙන්චයියල ටිකකට නොමිලෙ යන්න නොදීපු කේන්තියට නැවත රජය සතු කර ගත්ත. ශිරන්ති නෝනගෙ අයිය සභාපති කලා. මිනිහ ගුවන් සේවිකාවක් එක්ක අනඟ රැගම් කරල කෝටි ගනණක් පාඩු කලා. මේ පිළිබඳව පත්කරණ ලද ජනාධිපති කොමිසමේ වාර්තාව හැකිනම් එලියට දමන්න.

    • mahindawahala says:

      very true

    • ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

      Shiranthith ithin pattetama horaa kewaa …Mathakane siriliya, ethakota Franseta awith karapu viyadam sambarayaa….api nodannawaya

  7. සාධාරණ මිනිසා says:

    ලාභ ලබපු ශ්‍රී ලංකන් මහින්ද ගේ මස්සිනා බරගත්තට පස්සේ බරපතල විදියට අලාභ කරපු එක ගැන කියන්නේ නැද්ද ?
    ඒක වුණෙත් UNP ආණ්ඩු කාලෙද ?
    කතා කරන්නේ පුකෙන්ද ?

  8. Sun says:

    We trust the current leader and no one cannot divert him from the clear direction of democracy. But I am worring the American fellows are behind and they are looking for ways to jump into the country, like the Swedish case they are ready to do all dirty game in politics today. Cannot trust any of these fellows.

  9. Siripina says:

    මූ ඉතින් මුගේ හොර අඹුව දාල ගනිකා මඩම් කරලා හම්බ කරගත්ත එකානෙ
    මහින්දගෙ ආන්ඩු කාලෙ ඒව අල්ලපු නිසා වෙන්නෙති ඔය තරම් රාජපක්ශලා එක්ක තරහ

  10. Hari says:

    ඔක්ත මහා කජද ලංකාවට