මහින්දට ශ‍්‍රීලනිප නායකත්වය ගන්නැයි යෝජනා කරයි..

August 16, 2020 at 1:20 pm | lanka C news
මහින්දට ශ‍්‍රීලනිප නායකත්වය ගන්නැයි යෝජනා කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කියා දෙකක් නැති බවත් එම පක්‍ෂ දෙකම එකතු වී එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා ගත යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක් බවත් ඇයට කළ හැකි දෙයක් නැති බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනපතිනිය දැන් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂය සමග නිසා ආණ්ඩුවට ඇයගෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැති බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේ දී සුදුසුකම් අනුව කුමක් හෝ තනතුරක් ලබා දෙනු ඇතැයි ද ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.

38,014 views

5 Comments to “මහින්දට ශ‍්‍රීලනිප නායකත්වය ගන්නැයි යෝජනා කරයි..”

  1. සුදුපරවියා says:

    වාසුදේවගේ උගුල් වලට අසු නොවන්න ..යහපාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි සියලු දෙනාගෙන්ම රටට සිදුවුයේ විනාශයක් ..එම පක්ෂය දැන් රටට අවශ්‍ය නැහැ .රටට අලුත් බලාපොරොත්තුවක් දුන් පොහොට්ටුවේම සිටින්න
    සිරිසේනට කිසිම වගකීමක් බාර නොදිය යුතුයි ..මහා බැංකු මංකොල්ලයට සිරිසේනද වගකිවයුතුයි

    • predictor says:

      ඇත්තටම කිව්වොත් පොහොට්ටුව නැති වෙලා අත උඩ එනව. එතකොට අතේ නායකත්වය රාජපක්ෂලා අතට යනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් අත නැති වෙන්නෙ නෑ අවු 3ක් වත් යනකම් පොහොට්ටු පක්ෂෙ ප්‍රධාන පක්ෂයක් විදිහට තියෙයි. මටත් මොකක් හරි කියන්න දෙයක් තියෙන්න එපෑ.

  2. 77 UNP says:

    පාස්කු බෝම්බෙට හිරේ යන්න ඉන්න එකාට මොන ඇමතිකම්ද? අනික 2015 -2019 කාලේ දරපු ඇමතිකම හරියට කලෙත් නැහැනේ. බෝම්බ අනතුර පිළිබඳව හරියටම ඔත්තුව ලැබිලත් ඒක නොසලකා මෝඩ සල්ලාල පුතාගේ මගුලට සාරි ගන්න ඉන්දියාවටත් අනිත් ෂොපින් වලට සිංගපුරුවටත් ගියපු එකා මොන වගකීම ඉදිරියට දරයි කියලද ඇමතිකමක් දෙන්නේ.

  3. බබා පවු says:

    නගරසභා කකුස්සි සංවර්ධන රාජ්‍ය ඇමති

  4. MD says:

    වෛරක්කාර සිතුවිලි වලින් පිරිලා ඉතිරිලා ගිහින් සිටිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහින්ද රාජපක්ෂ පවුලෙන් පලිගැනීම මුලික අරමුණු කොටගත් කුමන්ත්‍රණයට කවුරුත් අහුවෙලා විනාශ වෙලා ගිහින් තියෙන්නේ

Main News