මහින්දට හතරගාතෙන් වැටෙන්න මෛත‍්‍රී දින 45දි ගැහුවා… තනියෙන් ඉල්ලා දිනන්න හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල ලෙස කියයි..[Video]

March 10, 2019 at 10:36 pm | lanka C news
මහින්දට හතරගාතෙන් වැටෙන්න මෛත‍්‍රී දින 45දි ගැහුවා… තනියෙන් ඉල්ලා දිනන්න හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල ලෙස කියයි..[Video]

හොදට දේශපාලන සුත්තර දන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015දී දින 45ක් තුල මහින්ද රාජපක්‍ෂ මහතාට හතර ගාතෙන් වැටෙන්න කෙලලා ඇරිය බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ක‍්‍රමානකූලව ජන ප‍්‍රසාදය වැඩි කර ගනිමින් සිටින බවත් තවත් මාස තුන හතරකින් තත්වය බලාගත හැකි බවත් ජයසේකර මහතා සදහන් කරයි.

පොහොට්ටුවක් හදාගෙන ගියද අද මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය මෙන්ම මන්ත‍්‍රී ධුරයද රැුක දුන්නේ සන්ධාන මහ ලේකම්වරයා බව මතක තබා ගත යුතු යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මීලග ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ‍්‍රීලනිපය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් විය යුතුම බවත් එසේ නොවුනහොත් ජනාධිපතිවරණය පරාජය වන බවත් පැවසූ මහ ලේකම්වරයා තනියෙන් දිනාගත හැකි යයි කිසියම් ඔලමොට්ටලයෙක් කියන්නේ නම් තනියම ගොස් දිනාගන්නැයි කියන බවත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රීලනිප බදුල්ල දිස්ත‍්‍රික් බල මණ්ඩලය අමතමිනි.

109 views
Main News