මහින්දට හම්බන්තොට නිවස ඉදිරිපිට රෝහල හදාගන්නවත් බැරිවෙලා…

February 20, 2017 at 8:02 am | lanka C news
මහින්දට හම්බන්තොට නිවස ඉදිරිපිට රෝහල හදාගන්නවත් බැරිවෙලා…

කළමණාකරණය කර ගැනීමට අපහසු මුලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීමට තීරණය කළ යුතු කාලය එළඹ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් සභා මගින් පාලනය වන මුලික රෝහල්වල පවතින විවිධ ගැටළු, සේවක පුරප්පාඩු, මූල්‍ය ගැටළු හේතුවෙන් ෙමි පිළිබද අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

තංගල්ල මූලික රෝහලේ ඉදිකළ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු එම රෝහලේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව පැවැසීය. තංගල්ල මුලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වු සෞඛ්‍ය අමාත්‍යවරයා රැස්වීමෙි දී වැඩිදුරටත් කියා සිටියේ රෝහල්වල එකතුවන සායනික හා අනෙකත් අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමණාකරණය කිරීමෙි ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක බවයි. එය දේශීය සමාගමක් සිදු කරනු ලබයි. අනෙකුත් රෝහල් සදහා ඔිස්ට්‍රිලියානු සමාගමක් එවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය ගැන මම පුදුමයට පත්වුනා. ජනාධිපතිවරයෙක්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයෙක් සහ පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයෙක් හිටපු හම්බන්තොට දිස්ත්‍රීක්කයේ රෝහල් සංවර්ධනය නොවීම කණගාටුදායක කරුණක්. එක තැනක සිට තීන්දු තීරණ ගෙන ව්‍යාපෘති සිදු කිරිම ඊට හේතුවයි. තංගල්ල මූලික රෝහල පිහිටා තිඛෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටයි. නමුත් රෝහලේ අඩුපාඩු රැසක් තිඛෙනවා. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ල වත්මන් රජය සංවර්ධනය කරනවා. එම සංවර්ධන කටයුතු පිළිබදව තීන්දු තීරණ රැසක් ගනු ලැබූ අතර, එහි අධීක්ෂණ වගකීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහ පාර්ලිමෙින්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරචිචි යන මහත්වරුන්ට මම පවරනවා. සැළසුමක් නොමැතිව දේශපාලන තීන්දු මත තීරණ ගැනීම හේතුවෙන් මෙවැනි අර්බුද රෝහල්වල මතුව තිඛෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

3 views

4 Comments to “මහින්දට හම්බන්තොට නිවස ඉදිරිපිට රෝහල හදාගන්නවත් බැරිවෙලා…”

  1. DRS says:

    Isn’t that the responsibility of the health ministry. So who were the health ministers during Mahinda’s time?

  2. ඉනේතරුවා says:

    කව්ද බං ඔය කාලෙ හිටපු කුජීත සෞඛ්‍ය ඇ මැටිටුමාල?උන්නං මහ චාටර් එවුන් වගේ.ය⁣කූ තමංගෙ ජනාධිපතිගෙ ගෙදර ළඟ ඉස්පිරිතා⁣ලවත් හදලා දීල නෑනෙ.ඔක්කොම තම තමංගෙ ගම්පලාත් වෙච්ච පොලොන්නරුවටයි, බදුල්ලටයි වගේ කරල තියෙන්නෙ.හරීම කුජීතයි.

  3. වතුරුගම අප්පුහාමිගේ මුණුපුරා says:

    හිකිස්.. ඒකනම් ඇත්ත ..මහින්දගේ සෞඛ්‍ය ඇමතිය ඒවුනාට අද ජනාධිපති කරලා ….

  4. ඉනේතරුවා says:

    මං මේ කල්පනා කොලේ මුගෙ දිව නැමෙන හැටි ගැන.ඡන්දෙ දිනනකල් කීවෙ ඔක්කොම කරන්නෙ හම්බන්තොටට කියලනෙ බොලාල.බලනකොට ඒකත් බොරු.හිටපු සෞඛ්‍ය ඇමැතිය කරල තියෙන්නෙ පොලොන්නරුවට විතරයි ඒකියන්නෙ.

Main News