මහින්දට හොරා කියන සිරිකොතේ වළං හෝදන ශ‍්‍රීලනිප දේශද්‍රෝහීන්ට මහින්දගේ පින්තූරය යොදාගන්න එපා යයි දන්වයි..

December 26, 2017 at 3:50 pm | lanka C news
මහින්දට හොරා කියන සිරිකොතේ වළං හෝදන ශ‍්‍රීලනිප දේශද්‍රෝහීන්ට මහින්දගේ පින්තූරය යොදාගන්න එපා යයි දන්වයි..

වත්මන් දේශද්‍රෝහි ආණ්ඩුවේ වලිගයක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව යොදා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව භාවිතා කිරීමට ශුද්ධ වූ අයිතියක් ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින අපේක්‍ෂකයන්ට පමණක් බවයි.

මිනුවන්ගොඩ පත්තඩුවන ප‍්‍රදේශයේ පොදුජන පෙරමුණ මැතිවරණ කාර්යාල විවෘත කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයොත් ඡන්ද ඉල්ලන්නේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාගෙන. සමහර තැන් වල ස්වාධීන කණ්ඩායම් වලින් තරඟ කරන, වෙනත් පක්‍ෂ වලින් කරඟ කරන අයත් ඡුන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන.මේකෙන්ම පැහැදිලියි අද රටේ ජන මතය මොකක්ද කියලා.පක්‍ෂ සභාපතිවරයාගේ ෆොටෝ එක ගහලා ඡුන්දෙට ගියොත් ඇපත් නැති වෙන බව ගමේ අපේක්‍ෂකයන් දන්නා නිසයි. ශ්‍රී ලංකා අපේක්‍ෂකයන් මහින්දගේ ෆොටෝ එක යොදාගෙන ඡන්දෙ ඉල්ලන්නේ.

එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක දීග කන ගමන්, මහින්දට හොරා කියන ගමන් මහින්දගේ ෆොටෝ ගහගෙන ඡුන්දය ඉල්ලන්න ලැජ්ජා නැද්ද කියලයි අපිට මේ අයගෙන් අහන්න තියෙන්නේ. පක්‍ෂයේ සභාපතියි ඇමති කටු සූප්පු කරන අයයි එක පැත්තකින් මහින්දට හොරා කිය කිය තවමත් බනිනවා.හැබැයි අනෙක් පැත්තෙන් මහින්දගේ ෆොටෝ එක ගහගෙන ගිහින් ඡුන්දය ඉල්ලනවා.මම ජනතාවගෙන් ඉල්ලනවා මේවාට රැවටෙන්න එපා.මහින්ද වෙනුවෙන් රට වෙනුවෙන් රටට ආදරය කරන අය ඡුන්දය ඉල්ලන ලකුණ පොහොට්ටුවයි.කවුරු මොන ෆොටෝ ගහන් ආවත් රැවටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.

අද ආණ්ඩුවයි, ආණ්ඩුවට එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි පොහොට්ටුවට බය වෙලා ඉන්නේ.ඔවුන් දන්නවා මේ මැතිවරණයෙන් ආණ්ඩුවට යන එනමං නැති වෙන බව.මේක තුප්පහි ආණ්ඩුවක්. මේ තුප්පහි ආණ්ඩුව ගෙදර යවන්න මේි රටේ ජනතාව පුල පුලා බලාගෙන ඉන්න බව ආණ්ඩුවේ අය දන්නවා.ඒ නිසා තමයි දැන් නැවතත් මහින්ද මහත්තයාට විරුද්ධව, ඒකාබද්ධ විපක්‍ෂයට විරුද්ධව ආයෙත් අවලාද කියන්න පටන් අරන් තියෙන්නේ.
රනිල් – මෛත‍්‍රී ආණ්ඩුවේ දැන් කාලේ ඉවරයි.රනිල් – මෛත‍්‍රී හවුල් ආණ්ඩුව මේ රට අවුලෙන් අවුලට පත් කලා.මහින්ද මහත්තයා නිදහස් කරලා දීපු රට සම්පූර්ණයෙන්ම විනාශ කලා.රටේ ජාතික ආරක්‍ෂාව කොටි ඩයස් පෝරාවට උකස් කලා.ජාතික සම්පත් විකුණුවා.රටේ ජනතාව උගසට තියලා සුර සැප විඳින්නයි රනිල් මෛත‍්‍රී ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. රනිල් මෛත‍්‍රී ආණ්ඩුව මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුම හොරකම කලා. ඒ තමයි මහ බැංකු හොරකම.මහ බැංකු හොරකමට රනිල් මෛත‍්‍රී ඩබලත්.. මේ ආණ්ඩුවත් වගකිව යුතුයි.කාට බැන්නත් මොන අවලාදනැගුවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයාටත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ….

සිරිකොතේ වලං හෝදන ශ්‍රී ලංකා එකේ සමහර ඇමතිවරු මේ දවස් වල මටයි, නාමල් මන්ත‍්‍රීතුමාටයි, බැන බැන යනවා එකතු වෙන්න දුන්නේ නෑලූ…රනිල් එක්ක ළඟින තාක්කල් ශ්‍රී ලංකා එකත් එක්ක ඒකාබද්ධය එකතු වෙනවාට අපි විරුද්ධයි තමයි.ඒ නිසා තමයි අපි කිව්වේ මේ අයට ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියලා.අපි අදත් කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න ඕනි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ආණ්ඩුවෙන් ඉවත් වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව අප සමඟ ජනතා අරගලයට එක් විය යුතුයි. එහෙම නැතිව ආණ්ඩුවේ ළඟිමින් ශ්‍රී ලංකා ආණ්ඩු හදන්නේ කොහොමද..

මේ වෙනකොට රටේම ජනතාව පොහොට්ටුව වටා එක් වෙමින් ඉන්නවා.ඒ මේ දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිවයි. මේ මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් නොවන බවත් ආණ්ඩුවේ ඇතමුන් කියනවා.ඒ තම තමන්ගේ හිත හදාගන්න කියන කථාවක්. මේ ආණ්ඩුව ගෙදර යවන්න අපට ලැබුණු හොඳම අවස්ථාව මේකයි.ඒ නිසා මේ ඡුන්දය ලබන වසරේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටු වීමේ මුල් පියවරයි. ඒ සඳහා පොහොට්ටුව දිනවා ඒ සටනට ශක්තිය දෙන්නැයි අපි ඔබෙන් ඉල්ලනවා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂිකා මේධා රත්නායක, අපේක්‍ෂක ආනන්ද ඩයස් යන මහත්ම මහත්මීනුත් මෙහිදී කථා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

14 views
Main News