මහින්දලාට අනුකම්පා අප කර යැවූ ලිපියෙන් මන්ත‍්‍රිකම් බේරුනා.. ඔවුන් පොහොට්ටුවේ සාමාජික වෙනවා ලෝකයම දැක්කා..

January 11, 2019 at 10:40 am | lanka C news
මහින්දලාට අනුකම්පා අප කර යැවූ ලිපියෙන් මන්ත‍්‍රිකම් බේරුනා.. ඔවුන් පොහොට්ටුවේ සාමාජික වෙනවා ලෝකයම දැක්කා..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගන්නා ආකාරය රටම නොව ලෝකයම දුටු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැතැයි කියන්නට ඔවුනට බැරි බවත් මාධ්‍ය ඉදිරියේ මහත් ආඩම්බරයෙන් ඒ බව කියා සිටියේ ඔවුන්ම බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන් වන ඔවුනට මන්ත්‍රීකම අහිමි වේ යයි අනුකම්පා කොට කතානායකවරයා වෙත ලිපියක් ලබා දුන් බවත් එම ලිපලිය නිසා ඔවුනගේ මන්ත‍්‍රීකම් රැුකුණු බවත් දිසානායක මහතා කියා සිටී.

ආණ්ඩුවට එකතුවු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පිරිස සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද ජාතික සංවිධායක වරයා අවධාරණය කරයි.

43 views

17 Comments to “මහින්දලාට අනුකම්පා අප කර යැවූ ලිපියෙන් මන්ත‍්‍රිකම් බේරුනා.. ඔවුන් පොහොට්ටුවේ සාමාජික වෙනවා ලෝකයම දැක්කා..”

  1. අංකූරා says:

    මහින්ද මහත්තයලා පොහොට්ටුවට ගියෙ නෑ කියන්නෙත් ශ්‍රීලනිපයේ ඉන්නවා කියන්නෙත් පුද්ගලිකව මොන බිජ්ජ්ක්වත් බේරගන්න නොවෙයි !, මන්ත්‍රීකම් නැති උනොත් තොපි මොක්කු හරි දාගෙන රට පාවාදෙන හින්දයි !.

  2. john the baptice says:

    මම දැන් අනාථයෙක් වෙලා ඇඩෙනවා

  3. එක තමයි උබේ ලේකම්කම ගහල ගියේ says:

    එක තමයි උබේ ලේකම්කම ගහල ගියේ

Main News