මහින්දවත් මෙහෙම මර්දනයක් කලේ නෑ.. සමාජ ජාල වැසීම කැකිල්ලෙ රජුගෙ තීන්දුවක්..- යහපාලනය කැන්දු ෆේස්බුකිකරුවෝම ආණ්ඩුවට පලි ගහයි..

March 9, 2018 at 3:22 am | lanka C news
මහින්දවත් මෙහෙම මර්දනයක් කලේ නෑ.. සමාජ ජාල වැසීම කැකිල්ලෙ රජුගෙ තීන්දුවක්..- යහපාලනය කැන්දු ෆේස්බුකිකරුවෝම ආණ්ඩුවට පලි ගහයි..

මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව හා නිදහස් මාධ්‍ය සංසදය එක්ව නිකුත් කරන ලද ඒකාබද්ද ප‍්‍රකාශණයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි (එ්කාබද්ධ ප‍්‍රකාශයකි)
2018 – මාතු 08

සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක්
සමාජ ජාල භාවිත කරන නිර්දෝෂී සාමාජිකයින්ගේ තොරතුරු දැනගැනීමේ හා
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට කරන ලද බරපතළ වරදක්

රට පුරා ඇතිව තිබෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම පිණිස රජය විසින් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයත්, අන්තර්ජාලයේ වේගය අඩාළ කිරීමට ගත් තීරණයත් මාධ්‍ය සංවිධාන එකතුව වන ‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’ හා ‘නිදහස් මාධ්‍ය සංසදය’ විසින් එ්කාබද්ධව හෙළා දකිනු ලබන බව දන්වනු කැමැත්තෙමු.

රට තුළ ඇති වූ කලබලකාරී වාතාවරණය මැඩ පැවැත්වීම වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට රජය ගත් තීරණය නූතන යුගයේ ‘කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවකි’. තවද ජාති හා ආගම්වාදය වපුරන කිහිප දෙනකු නිසා ජාතිවාදය හෝ ආගම්වාදය කිසිසේත් අනුමත නොකරන බහුතර සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන්ගේ තොරතුරු දැනගැනීමේ, අදහස් හුවමාරු කර ගැනීමේ, අදහස් හා මතවාද ප‍්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීම ඔවුන් සියලූ දෙනාට කරන ලද බරපතළ වරදක් ලෙස අපි දකින්නෙමු.

එමෙන්ම මෙය ඉතා දරුණු හා වැරදි පූර්වාදර්ශයක් බවත්, මාධ්‍ය නිදහසට බරපතළ තර්ජන තිබූ ‘මහින්ද රාජපක්ෂ’ යුගයේදීවත් මෙවැනි ජන විරෝධී මර්දනකාරී ක‍්‍රියාවක් සිදු නොවූ අතර මෙම වැරදි පූර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතළ ලෙස අප රටේ තොරතුරු දැනගැනීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමට බලපෑ හැකි බව අපගේ මතයයි.

එසේම සමාජ ජාල තුළ ජාතිවාද, හා ආගම්වාදයන් වපුරවමින් ප‍්‍රචණ්ඩ, කලහකාරී ක‍්‍රියා සදහා අනුබල දෙන පුද්ගලයින් හා කණ්ඩායම් සොයා ඔවුනට දැඩි දඩුවම් ලබා දීමට නීතිමය පසුබිම හා තාක්ෂඥණික පහසුකම් රජය සතුව තිබියදීත් එවැනි අන්තවාදීන් කිහිප දෙනකු නිසා සමස්ත සමාජ ජාලා භාවිත කරන්නන් අපහසුතාවයට පත් කිරීම බරපතළ කරුණකි. එය රජයේ බුද්ධි අංශවල අසාර්ථකතාවයද පිළිබිඹු කරන්නකි. එසේම ප‍්‍රචණ්ඩත්වය, ආගම්වාදය වපුරන කණ්ඩායම්වලට සාපේක්ෂව එයට එරෙහිව හඩ නගන්නන්ද රැසක් සිටින බැවින් එකී හ`ඩද මෙම ක‍්‍රියාවෙන් යටපත් වේ.

මේ සියල්ලෙන් පෙනී යන්නේ රජය නීතිය හා සාමය රැකීමට අසමත් බවයි. මෙම ක‍්‍රියාවන්ගේ දිගුවක් ලෙස ඉදිරියේදී පුවත් වෙබ් අඩවි, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාරණයක් වුවද ගෙන එ්මට පසුබට නොවන බව පැහැදිලිව පෙනී යයි. රජය සිය අසමර්ථතාවයන් ස`ගවා ගැනීමට නොකරන දෙයක් නැති බව මේ සිද්ධියෙන් පසක් වෙයි.

වත්මන් රජය බලයට පැමිඥණයේ ‘රාජපක්ෂ යුගයේ’ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන වන අප හා මාධ්‍යවේදීන් නැගූ හඩ උපයෝගී කරගෙනය. නමුත් අද වන විට යහපාලන රජය ‘මහින්ද යුගයේ’ ද නොතිබූ අයුරින් මර්දනකාරී ස්වරූපයක් පෙන්නුම් කරමින් යයි. යහපාලන රජය බොරු පොරොන්දු ලබා දුන්නා විනා මෙතෙක් කල් මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙනුවෙන් කළ සැලකිය යුතු දෙයක් නැත. කරන ලද එකම දේ මාධ්‍ය සංවිධාන හා මාධ්‍යවේදීන් රවටා කඬේ යැවීම පමණකි. මාධ්‍ය සංවිධානවල සිටි ප‍්‍රබලයින්ට රජයේ තනතුරු ලබාදෙමින් මාධ්‍ය සංවිධාන හීලෑ කර නිහ`ඩ කරවීම පමණකි. මාධ්‍ය සංවිධානවල ශක්තිය දියාරු කර හීන කිරීම පමණකි.

වත්මන් රජය බලයට පැමිණියේද සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රචාරණයන්ට පින් සිදු වන්නටය. නමුත් අද වන විට රජය සමාජ ජාල වෙබ් අඩවිවලට බය වී ඇත්තේ රජයේ අසමර්ථතාවන් ප‍්‍රසිද්ධියේ විවේචනය කරන බැවිනි.

අපිද ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පිළිකුල් කරමු. ජාතිවාදය අවුලන්නන්ට එරෙහි වෙමු. නමුත් එ් ‘මුට්ටිය බේරා ගැනීමට මහදැන මුත්තා මෙන් බෙල්ල කපා දමා’ නොවේ.

එනිසාම සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහි වන අතරම අන්තවාදය වපුරන්නන්ට එරෙහිව රජය වඩා විධිමත්, දියුණු, සූක්ෂම, දැඩි ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු විනා මාධ්‍යයන් වාරණය කිරීම විහිළුවක් බව දන්වනු කැමැත්තෙමු.

තිළිණ අලහකෝන්
ලේකම් – මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව
කැදවුම්කරු – නිදහස් මාධ්‍ය සංසදය
(එ්කාබද්ධ ප‍්‍රකාශයකි)

6 views

13 Comments to “මහින්දවත් මෙහෙම මර්දනයක් කලේ නෑ.. සමාජ ජාල වැසීම කැකිල්ලෙ රජුගෙ තීන්දුවක්..- යහපාලනය කැන්දු ෆේස්බුකිකරුවෝම ආණ්ඩුවට පලි ගහයි..”

  1. සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීම says:

    පොඩ්ඩක් ඉවසන්න සහෝදරයා…ගිණි තියන එක ලේසියි. නිවන්න අමාරුයි. සමාජ ජාලා වෙබ් අඩවි දවස් කීපයකට අවහිර කිරීම ගැන කලබල වෙන්න එපා. අපි ඔයාලට why five දෙනවා කිව්වා නෙ කොල්ලන්ට කෙල්ලන්ට කතා කොරන්නත්. ආච්චිලා සීයලා නැන්දලා මාමලා එකට බොරුවට තරහවෙලා පොහොට්ටුවට චන්දෙ දුන්න නෙ. ඉන්ඩකෝ දෙන්නම් මතක හිටින සම්බෝලයක්.

  2. Nim says:

    NIDAHAS MADIYA SARSADAYA,
    OBALAGE ADITHAKSERUWA NISA
    YAHA PALANAYA YATA KADE GIHIN KALA
    APARADAYA DANWATH AWABODA WEEMA SATHUTATA KARANA YAK
    EDIRIYATA MOLE ATHUWA KATA YUTHU
    KALOTH HODA NEEDA?

  3. රටවැසියා says:

    මේ මුග්ධ රිලා රංචුව දන්නේ නෑ සමාජ ජාල වලින් සල්ලි හම්බකරලා දෙන පිරිසක් රටට ලොකු අදායමක් ගෙනල්ල දෙනවා කියලවත්. තකතීරු හැත්ත මුකුත් හොයන්නේ නැතුව එකට කෙලියා.

  4. Lahiru says:

    මහින්ද නම් මේ වගේ බොලඳ වැඩ කොහොමත් කරන්නේ නැහැ. ඒ කාලේ කරපුවා දැන් මිනිස්සුන්ට අමතක වෙලා. ඒ කාලෙ ආයෙත් ඕන නම් ඡන්දෙ දීලා ගෙනල්ලා බලාපල්ලා. පසුගිය කාලේ කරපුවා වගේ ඩබල් උඔලට කරනග්න පුළුවන් වේවි. මේ වගේ මාධ්‍ය නිදහස හම්බවෙයිද? මේ වගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙයිද? සුදුවෑන් එයිද? නෑ නෑ. ඊලග පාර සුදු වෑන් එන එකක් නෑ…. උඹලම බලාගනිල්ලා. වාසියට කහින මාධ්‍ය වේදියෝ තොපි.. තොපේම මාධ්‍ය වේදිය මැරුවා, අතුරුදහන් කළා. කෝ එකෙක් ඇල්ලුවද?

    • Hoo !!! says:

      උඹලා කොච්චර දත කා ගෙන දැඟලුවත් නොකල හොරකම්, නොකල මිනි මැරුම් අල්ලන්න බෑ බන්. නොගිය සුදු වෑන් ගෙන්නන්නත් බෑ. මාධ්‍යවේදියො විදිහට පෙනී හිටිය කොටින්ට නම් මහින්ද යුගය භයානක වෙන්න ඇති. ඒත් රටේ මිනිස්සු
      ඒකාලෙ බොහොම සතුටින් හිටියා.

      කොච්චර වලි කෑවත් තොපිට ඒ ඇත්ත වසන් කරන්න බෑ.

    • mp says:

      කොහොමද ඕයි රෙද්දක් ඇඳගෙන අල්ලන්නේ… දෙකම කරපු එවුන් දැන් ආණ්ඩුවේනෙ…!!!

    • Amda says:

      මහින්දගෙ කාලෙ යුද්ධෙ කොලඹට ඇවිල්ලත්, කුරුම්බැට්ටි කොලඹට බෝම්බ දාලත් මෙහෙම සමයන් තිබුනද? නෑ. ජන ජීවිතය අඩාල උනේ නෑ..හැම දේම සාමාන්‍ය විදියට ගියා.
      මුන්ට යුද්ධයක් එක්ක රටක් බාර දුන්නා නම් අපිට ගෙවල් වලින් එලියට බහින්න වෙන්නෙ නෑ මාසෙකට. පෙට්‍රල් ඩීසල් නවත්තලා, ලයිට් කපලා, ටීවී රේඩියො නවත්තලා, ලෑන්ඩ් ෆෝන් එකත් බ්ලොක් කරයි එහෙනම්.

  5. අරුණ says:

    සිරිෙස්න-රනිල් හවුල ප්‍රජාතන්ත්‍රවාදෙය් විකෘති රඟපෑමක් විතරයි. එවුන් දෙන්නම තමනගෙ දේශපාලන පක්ශවලින් , මහජනතාව ප්‍රතික්ෂේප කල නායකයින් . ඩැහැගත් බලය රැක ගැනීම විතරයි අරමුණ.

  6. Face Book says:

    රට පාලනය කරන මහදැන මුත්තා සහ ගෝලයෝ පස් දෙනා…

  7. indunil says:

    wenasaka arumaya….saha karumaya…..

  8. අඹර දමිළ says:

    හා හා එහෙම කියන්ඩ එපා. ඔය ඔක්කොටම වඩා ෂන්හින්දියාව තමා වෑදගත්. ෂන්හිඳියාව වෙනුවෙන් සියළු ටෙලිෆෝනුත් තහනම් කළ යුතුයි. එතකොට කෝල් කරගන්ඩත් බෑරි හින්ද ෂන්හිඳියාව තවත් රෑකෙනවා.

  9. api says:

    kauruth samakaamiwa inna , me ape rate minissu ne kauruth

  10. තණමල්විල මල් මල්ලි says:

    මොකද දැන් මෙි පොහොටිටුවට ජන්දෙ දීපු එවුන් දඹුළුගලේ ඉන්න කැරි කාපු රිලවි වගේ ඉන්නෙ?

Main News