මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් සැකකරුවන් දහයක් බාරවෙයි..
May 18, 2022 at 12:40 pm | lanka C news
නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් දස දෙනෙක් (17) දින නාවලපිටිය පොලිසියට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල සැකකරුවන් දස දෙනාට රු ලක්ෂය බැගින් පුද්ගලික ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව 2022.06.27 දින කැදවිමට නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා නියෝග කලහ.
සැකකරුවන් දස දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරුන් 08 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත ශරිර ඇප ලබා දි ඇත.
ඉකුත් (09) දින නාවලපිටිය නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයකදි කිසියම් පිරිසක් විසින් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයට පහර දි අලාභ හානි සිදු කල බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් පහර දිමට සම්බන්ධ සැකකරුවන්ගේ නම් සහිතව නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මිට ප්‍රථම නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන්ටද පුද්ගලික ඇප මත මුදා හැරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Mun niethya iganagena thibenne trasthawadeen rakinna.aparada karanna udaw karanna me wage kalakanni sitina thuru ratanam goda ganna behemaya
8 lawyers from jvp.
What a country. You destroy and kill people, we jvp lawyers are ready to protect you. What a bar association of sri lanka. Unique law profession in sri lanka. Good going.
Both prosecution and defense have rights to represent by their lawyers in a proper court of law. It is part of fair justice system. If you don’t know educate yourself.
aparada karuwanta nomile pene hiteema
All these were done under the Leadership of HE Anura Kumara Dissanayake (the helmet man). We have to catch hims, remove clothes burn his vehicle and house. Destroy his kids school books. If possible beat everyone in the family. Othersiwe he will not stop this insurgency.
we jvp lawyers are ready to protect you. What a bar association of sri lanka. Unique law profession in sri lanka.
Aimless lawyers receiving payment from Overseas manipulators. JVP is HMV’s voice.
BASL President represent Kaputa in Malwana House case ??
මහජන මුදල් සොරා කන අයට නැවත බේරුමක් නැහැ. පාඩමක් ඉගනගනිල්ලා කාලකන්නි