මහින්දානන්දගේ පුත්රයා අත්අඩංගුවට..
September 25, 2016 at 8:02 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලූත්ගමගේ මහතා කිරුළුපන ප්රදේශයේදී ඊයේ රාත්රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
පොලීසිය පවසන්නේ රිය පදවන අවස්ථාවේදී ඔහු බීමතින් සිටි නිසා අත්අඩංගුවට ගත් බවයි.
පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.