මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

April 16, 2018 at 4:40 pm | lanka C news
මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

අද දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.

අදාල මුදල් පොදු දේපල පනතට අයත් නොවන්නේ යයි පවසමින් අධිකරණය විසින් මන්ත‍්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.

මන්ත‍්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කර ඇත.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සැපිරීමට අපොහොසත් වීම නිසා මන්ත‍්‍රීවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා අද දිනයේ මුල්‍ය අපරාධ කොට්ඨශාය වෙත පැමිණියේ බන්ධනාගාරගත වීමට අවශ්‍ය අඩුමකුඩුම මල්ලක්ද රැගෙනයි.

84 views

15 Comments to “මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..”

  1. aniwa says:

    everyone is sick with these predicted dramas, no one will ever get tried or go to jail.
    even a 7 year old kid knows that.

  2. Kamal says:

    අධිකරණයේ ස්වාධීනත්වය කියන්නෙ මේකට තමා…

  3. Disna says:

    මේව තමයි පඩ ශෝ…

  4. Jagath says:

    කලින්ම පොලිසියේ ලොක්කා මහින්දානන්දට කියලා තියෙනවා අද ඇතුලට දානවා කියලා. ඔය FCID එවුන්ගේ දුරකථන චෙක් කරලා බැලුවොත් උඹලා පුදුම වෙයි උන් කාටද කෝල් කරලා තියෙන්නේ කියලා දැනගත්තම. මේවා ඔක්කොම රඟපෑම්. ඒ අස්සේ බදු මිල වැඩිකරලා

Main News