මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්.. දෙපිරිසක් ගැටී රෝහලේ..

April 17, 2022 at 12:00 pm | lanka C news
මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්.. දෙපිරිසක් ගැටී රෝහලේ..

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් (15) දින පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇති අතර , එම සාදයට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගි වි ගැටුමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇති අතර , එම සාදයට කොළඹ ප්‍රදේශයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වු අයෙකු එම සාදයට සහභාගි විමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇත.

ගැටුමෙන් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදු වි ඇති අතර, එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තරුණයන්ගේ ඥාතින් (16) දින පස්වරුවේ තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කලහ.

පහර දුන්නේ යැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් අප නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය කල විමසුමකට කියා සිටියේ සිද්ධය සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

128,180 views

6 Comments to “මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්.. දෙපිරිසක් ගැටී රෝහලේ..”

  1. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    පාදඩයන් ගේ පාටි බාටි ඔහොම තමා. ජොනියගෙ කසිප්පු අඩුවට අරන් හෙන්චයියන්ට බෙදන්න ඇති. ගුටිකාපු උන්ටත් හොඳවැඩේ පිනට බොන්ඩ යනවට…

  2. චන්ද දායක says:

    තක්කඩියන් වටේ ඉන්නෙත් තක්කඩියො නිසා මරාගත්තත් අපට අදාල නැහැ . මහින්දානන්ද ගුටි කෑවොත් නම් මාර සතුටුයි.

  3. gotagogama says:

    මහින්දානන්ද ට අබ සරණයි.

  4. කුනු සෝමේ says:

    මෙහෙමයි, ගෝල් ෆේස් එක අද කුණු සෝදන ලොන්රිඩරියක් වෙලා. මහින්දට කඩේ ගිය කළා කාරයෝ ටික ඔක්කොම එතන. කොටින්ම ඔය බුරන සේපාලයාත් 2019දි තදින්ම ගෝටාට කඩේ ගියා. සේපාලයාට සල්ලි දීලා උගේ යාළුවා වන සෝමරත්න දිසානායක රෝහණ වීරසිංහ එක්ක ගෝල් ෆේස් ඇවිත් කුණු හෝද ගත්තා. තව කුණු හෝද ගත්ත අපතයෝ තමයි ඕමල්පේ සෝභිත, සන්නස්ගල, අර්ජුන රණතුංග, සනත් ජයසුරිය, ඔටාරා, සිංහබාහු, සංගීතා වීරරත්න. ඔන්න ජැක්සන් ඇන්තනීත් එන්න හදනවලු.

    භාතිය සන්තුෂ්, ජනයි ප්‍රියයි අවොත් පුදුම වෙන්න එපා බංලා.

  5. ගරසරප says:

    මරු කමෙන්ට් එක. අන්තිමට සේනාදිපතිත් එන්නෙ නැතෑ. කොටින්ම ඔතන කෑම දෙන්නෙත් ඇවන්ට්ගාඩ් එකෙන් කියල කියන්නත් බැරි නෑ.

Main News