‘මහින්දානන්ද වහා අත්අඩංගුවට ගනු..’ ඉහල බලවතා හෙලිකොප්ටරයට නගින ගමන් නියෝග දෙයි..

May 19, 2017 at 9:20 am | lanka C news
‘මහින්දානන්ද වහා අත්අඩංගුවට ගනු..’ ඉහල බලවතා හෙලිකොප්ටරයට නගින ගමන් නියෝග දෙයි..

ආන්ඩුවේ ඉහල බලවතෙක් අද පෙරවරු හෙලිකොප්ටරයේ නැගී පිටත් වීමට පෙර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ අද හා හෙට දෙදින ඇතුලත පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

පසුගිය රජය සමයේ කැරම් බෝඞ් බෙදීමක් සම්බන්ධයෙන් චෝදනා පදනම් කරගෙන මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙසදන්වා ඇතත් එම කැරම් බෝඞ් ගෙන්වා ඇත්තේත් බෙදා ඇත්තේත් සතොස මගින් මිස ක‍්‍රිඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධතාවත් නැති බවද මේ වන විට හෙලිව ඇත.

මේ අතර මහින්දානන්ද මන්ත‍්‍රීවරයා කිසිසේත්ම අත්අඩංගුවට නොගන්නා ලෙස තවත් පාර්ශවයකින් දන්වා ඇති අතර ඒ බව FCID ප‍්‍රධානීන් විසින් ආණ්ඩුවේ අනෙක් බලවත් පාර්ශවයට දැන්වූ විට ‘ඒක මං කතා කරල තියෙන්නෙ. ඒකෙ ප‍්‍රශ්නයක් නෑ. මං ඒක බලාගන්නං. මං කියන විදිහට කරන්න’ යයි පිලිතුරු ලැබී ඇත.

ඒ අනුව අද හෝ හෙට දෙදින ඇතුලත පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.

98 views
Main News