මහින්දානන්ද FCID කැදවයි.. අත්අඩංගුවට..?

April 10, 2018 at 6:54 pm | lanka C news
මහින්දානන්ද FCID කැදවයි.. අත්අඩංගුවට..?

එක්සත් ජනතා නිදහස් සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හෙට දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පමුණුවා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ සූදානමක් ඇතැයිද වාර්තා පල වෙමින් ඇත.

පසුගිය රජය සමයේ ඔහුගේ අමාත්‍යංශය යටතේ කැරම් බෝඩ් මිලදී ගැනීමකදී සිදුව ඇතැයි කියන මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන අතර මහින්දානන්ද මන්ත‍්‍රීවරයා මීට පෙර කියා සිටියේ එම චෝදනාවටම මීට පෙර පවරන පවරන ලද නඩුවකින් තමන් නිදොස් කර නිදහස් කර ඇති බවයි.

මේ අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කරන්නැයි මන්ත‍්‍රීවරයා විසින් ශේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද පෙත්සම සලකා බැලීම වැඩ බලන අගවිනිසුරු ඊවා වනසුන්දර විසින් අද දිනයේ කල් දමනු ලැබුවාය.

තමන් ලංකාවට පැමිණෙන තුරු අදාල නඩුව විඊාගයට නොගන්නැයි දැනට විදේශගතව සිටින අගවිනිසරු විසින් දැන් වූයේ යයි එම පෙත්සම කල් දමමින් වැඩ බලන අගවිනිසුරුවරිය නඩුවට අදාල ලිපි ගොනුවේ සටහනක් තබා ඇති බවද වාර්තා වෙයි.

25 views
Main News