මහින්දානන්නදට ආණ්ඩුවෙන්ම විරෝධය.. ජනපති-අගමැති ඔහුගේ මතයට විරුද්දයි…

May 31, 2020 at 3:50 pm | lanka C news
මහින්දානන්නදට ආණ්ඩුවෙන්ම විරෝධය.. ජනපති-අගමැති ඔහුගේ මතයට විරුද්දයි…

ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් මෙරටට පැමිණීමට නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ. විපක්ෂයට සම්බන්ධ ඇතැමුන් මේ පිළිබද ව විවිධ බොරු මත පතුරවන බව පැහැදිලි ය. ඔවුන් උත්සාහ දරන්නේ බොරදියේ මාළු බෑමටය. පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බව අවධාරණය කරමි.

විදේශගත ශ්‍රී ලාන්කික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කර ගැනීම සදහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශවයක් වන අතරම මාතෘ භූමියේ අනාගතය පිළිබද විශේෂ දැක්මක් ඇති පිරිසකි.

පසුගිය දිනෙක කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143 ක විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983 කට වැඩි පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078 ක් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4040 ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 , යැපෙන්නන් 3527 ක්, ද්විත්ව පුරවැසියන් 484 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත් ය. පහුගිය මාර්තු 19 වන දින ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21 ක සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරු සිසු සිසුවියන් පුහුණුව සදහා ගිය රජයේ නිළධාරීන් රට විරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් මේ අතර වෙයි.

මේ වන විටත් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග ඇතුළු සියලු රටවල සිටින විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන කිසිසේත් අතහැර දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ රජයේ සුදානමක් නැත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබද ව නිරන්තරයෙන් ම ඇමති මණ්ඩලය දැනුවත් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමීණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා කුමන තත්ත්වයක් යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් ඒ සදහා කටයුතු කිරීමේ දී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය, ඇමෙරිකාව වැනි තත්ත්වයන් රටතුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකි ය. එවැනි තත්වයක් මතුවුවහෝත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව පියා ස්වාමිපුරුෂයා හෝ බිරිද නැතහොත් දරු දැරියන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලු දෙනා වටහාගත යුතුව තිබේ. රටතුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේ ම සමීපතමයන්ය. විදේශගත ව පීඩාවට පත්ව සිටින්නේ ද – අනතුරුදායක තත්ත්වයේ සිටින්නේ ද අපේ ම පුරවැසියෝ ය. මේ නිසා පවතින තත්වය පිලිබදව ඉවසීමෙන් සිතා බලන ලෙස අපි මේ මොහෝතේ සියළු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු ඔබ මෙන්ම මෙරට සියළු දෙනා ආරක්ෂා කර ගැනීම රජයක් ලෙස අපගේ යුතුකම හා වගකීමයි. ඒ යුතුකම හා වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිසිසේත් පැහැර හරින්නේ නැත.

ඒ නිසා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින විදේශගත ශ්‍රී ලාංකික රටවිරුවන්ගෙනුත් ඔවුන්ගේ ඥාතීන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලන ඕනෑ එපාකම් වලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඔබ අපේ මතෘභූමියට කළ සේවය හෝ ඔබේ වටිනාකම අප කිසිසේත් අමතක කර නොමැති බව අවධාරණය කරමි.

ප්‍රසන්න රණතුංග
(කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති)

76,378 Viewers

29 Comments to “මහින්දානන්නදට ආණ්ඩුවෙන්ම විරෝධය.. ජනපති-අගමැති ඔහුගේ මතයට විරුද්දයි…”

  1. Love nature says:

    කට ප්‍රවේසම් කර ගමු

    හොදට නරකට දෙකට කටමය

    • country man says:

      Mr.Prasana will always try to fish in the muddy waters. Same Ranatunga family. Please do not try to gain political advantage by condemning the others in the SLPP family. At this moment stick to gether. You are with the SLPP,Your brother is with the UNP, and the other brother was with S.F. Not a bad combination;

    • හොඳනම් ආණ්ඩුවෙ මතය, බැනුම් නම් පෞද්ගලික මතය. රජයෙ වගකිවයුතු ඇමතිවරයෙක් මාධ්‍ය ඉස්සරහ පෞද්ගලික මත දිගාරින්න බෑ. හැම වචනයකම වගකීමක් තියෙන්න ඕන. ඒ වගේම මෙහෙම ගොං කතා කියනඑක අනුමත නොකරනවා කියල අතපිහදාගන්න බෑ. එයාට විරුද්ධව පියවරක් ගන්න ඕන. අනික පිටරටක වැඩකලත් පදිංචි වෙලා හිටියත් තමන් උපන් රටට තමන්ට උවමනා වෙලාවට එන්න පුරවැසියෙකුට අයිතියක් තියෙනවා.ඒක ජනාධිපතිටවත්, රජයටවත් නතරකරන්න බෑ.ඔය හැටි ලොක්කො තොන්ඩාගෙ අවමගුලෙ නීති කඩපු එකට මීක් නෑ.

  2. අවසානයේ ඔය කාටත් මතක් වෙන්නෙ තමන්ගේ මතෘභූමියයි. සමහරවිට මහින්දානන්ද හිතාමතා එවැනි පුකාශක් කලේ නැති වෙන්නත් පුලුවන්. අනික මෙවැනි පුකාශ මගින් ජනාධිපතිතුමාට හානි වෙන්න පුලුවන්.

    • MD says:

      ඔව්.කිරි හැලියට ගොමනම් හලා නොගනු.ඇතුලේ කථා ඇතුලේ විසඳගන්න. කලර්ස් නොදමන්න.දැවන්ත චරිත දෙකක් නේද?

      • උක්කුං මල්ලී says:

        යකෝ මහින්දානන්ද කියන්නේ දැවැන්ත චරිත ද? ඇයි බන් ඔය වහල් කම?

        • Tommy says:

          එහෙම කියන්න එපා. එයා දැවැන්ත චරිතයක් තමා.
          ද ෆිනෑන්ස් එකේ සේල්ස් රෙප් දැං එංගලන්තෙ ගෙවල් හිමි දනවතෙක්.
          මෙච්චර හැකියාවක් තියෙන ඔහු දැවැන්තම හොරෙක්….
          කවුද කියන්නෙ එයාගෙ හිටපු නෝන 😁😁

    • Mahawansa says:

      ow ow ape ahinsaka janadhipathi. pawma pow.

  3. අවසානයේ ඔය කාටත් මතක් වෙන්නෙ තමන්ගේ මතෘභූමියයි. සමහරවිට මහින්දානන්ද හිතාමතා එවැනි පුකාශක් කලේ නැති වෙන්නත් පුලුවන්. අනික මෙවැනි පුකාශ මගින් ජනාධිපතිතුමාට හානි වෙන්න පුලුවන්.

    • namal says:

      haniya karagaththe nomination deepu dawase.Me wage kalakanni inna bawa therum gaannaram hekiyawak nehe

  4. Love nature says:

    *…මහනෙල් සුවදමය
    කුඩ මසු පිළී ගඳමය
    දෙකට එක දියමය
    හොදට නරකට දෙකට කටමය…*

  5. Roshan says:

    මේ ආණ්ඩුව පත් කරනකොට අපි හිතුවෙ යහපාලන ගොං පාට් ආපහු දකින්න බැරි වෙයි කියලා.,
    ඒත් දැන්නෙ තියෙන්නෙ නියම ගොං පාර්ට් ටික.

    • අමනාපේ says:

      මනාප සඳහා තිරස්චීන සටනක් පොහොට්ටුව තුලම පටන් අරගෙන ඇත. 2/3 තියා 113 වත් ගන්න බැරි තරමට වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහිලා.මේ තත්වය තුල තමන්ගේ එකෙක්ව වුවද විවේචනය කර තමාට එක දාගෙන මනාප රැකගන්න තැනට පොහොට්ටු අපේක්ෂකයන් අද පත් වෙලා.පසුගියදා ඇමති කෙනෙකුගේ වෙබ් නිව්ස් අඩවියක බන්දුලව හා ගම්මන්පිලව එකට තබා හම ගැසීමද දැන් ප්‍ර.රණතුංග තම පක්ෂයේ ප්‍රබලයන්ගේ අනුබලය යටතේ මහින්දානන්දව පතුරැ ගැසීමද,විදුර වික්‍රමනායක මොල් කාරයන් ඉදිරියේ ආණ්ඩුව ෆේල් යයි කීමද මේ තත්වයට උදාහරණ වේ.

  6. JANATHAAWA says:

    It is heartening to see that the present rulers have understood their responsibility to bring back those migrants to their motherland. As stated ,this has to be done very cautiously ,not letting other citizens into trouble. As such ,those migrants have to exercise patience ,until such facilities are arranged.

  7. B4 UNP now Gota says:

    Sorry… ප්‍රසන්න too late.

    බෝම්බකරුවන් වචනය සැරටම වැදුනා. මේවගේ ලිපි වලින් මකන්න බෑ ඒ වේදනාව.

    උන් ඔක්කොම set වෙලා, මාස 6ක්‌ යනකම් සල්ලි නොයවා හිටියොත් හෝ ගෙදර අවශ්‍ය වියදම විතරක් යැව්වොත් dollar එකක් යවී රැපියල් 250 ට 300 යට.

    මීට වඩා මොනවා හරි කරන්න ඕනෑ.

    • සොල්බරි සාමි says:

      නාවලපිටියේ “තොල්බරි සාමි” ජාත්‍යන්තර තර්කයක් ඉදිරිපත් කලා කුවේටය කොරෝනා පොසිටිව් අයව තෝරලා ලංකාවට එවලා කියලා.අපා දුක්විදින අපේ මිනිස්සුන්ව අවමානයට ලක්කලා.මේකට “තොල්බරි කොමිසම” ලෙස නම්කල කොමිසමක් පත්කර මේ ගැන තීන්දුවක් දිය යුතුයි.

    • Dicky says:

      Still UNP hora, they can’t do that fool. They send money to their families fool.

  8. Nariya says:

    do not go behind tha Aluthgame word luck person or cuntry don this praya wade

  9. Saman says:

    If you are telling the truth, take action against mahindananda,otherwise cut the crap bada

  10. Abc says:

    If flood or any other natuaral2 disaster you may not wait and also huge fund will allocate. But each expatriates has paid insurance and over 4 months no action means a lot.
    Ple let realize reality and allow them to back.
    Daily held up can cause many implications and looks govt silent and helth authirity thinks expatriates from hell bt not of citizens. National anthem brief you all abt importance and how to act.
    Very weak ever noticed action by any govt

  11. Gona says:

    Kauda karakaranne baluwa.. Gobba prsannayane.. muth itin Gota ge cabinet ekene… adomai…maru ugatha and wadda.. nodakin..

    Eradu gahath Kanthareta gahak lune…

  12. ඔය බලු කටාගෙ කටේ හැටි ඔහොමමයි.

  13. Patient says:

    මෙතන පුද්ගල ඒකක නැතිව කියනවනම් සරලව මෙයා කියන්නෙ මැදපෙරදිග අපිට කරන ඕනම කෙනෙහිලි කමක් රටම අමාරුවෙ දාල හරි ඉවසාගෙන ඉන්නවා කියන එකනෙ. මේ වගේ කාටවත් වැඩක් නැති උන් නායකයො කලාම වෙන මොනව කරන්නද.
    ගෝඨත් මේවා අනුමත කරන්න නම් කනගාටුයි.

  14. Nishantha says:

    Prasanna ranathungd is a loonatic idiot. He has no any authority to criticize Mr Aluthgamags

  15. ratawiruwaa says:

    පේනවා නේද මුන් රට පාලනය කරන්නේ ජනතා මතයට නෙමෙයි මුන්ගේ පුද්ගලික මතයටයි. එකනේ රජයේ අමෙතිවරු ඔය වගේ ජරා කතා කියන්නේ

  16. GulSiri Lal Nanda says:

    The Gampha district is not belongs to particular family of politics. ???

  17. Ronnie says:

    Yako prasanna, mahindananda aththa kiyanne!!! Thopi wage chanda balagena boru kiyanne naha. Hadawathin katha karanne!!!! Thoge kate ekak!!! Hithe thawa ekak!!!

    • yasa paranagama says:

      yako tho mahindanandage ata mirikuwata prasanna kiyanne sampurana atta . nikan 2.5 denna epa