මහින්ද අගමැතිකම බාරගැනීමට මං විරුද්ද වුණා.. ගම්මන්පිල කියයි.. දෙරණ 360 දී 33-2(ඇ) සහ 33-2(උ) එකට හමුවෙයි
December 21, 2018 at 2:10 pm | lanka C news
පසුගිය සදුදා දින (2018.12.17) දෙරණ 360 වැඩසටහන හා සම්බන්ධ වුයේ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතායි. වැඩ සටහන මෙහෙයවූ දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය සඳහන් කළේ එම අවස්ථා 33-2 (ඇ) සහ 33-2(උ) දෙක එකට හමු වූ අවස්ථාවක් බවයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බවත් ඒ අනුව කටයුතු කරන බවත් ප්‍රකාශ කළ පිවිතුරු හෙළ උරුමයේ නායකයා නමුත් තමා එම තීන්දුව සම්බන්ධයෙන් එකඟ නොවන බව ද කියා සිටියේය. එමෙන්ම එම තීන්දුව හා එකඟ නොවන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ගැඹුරින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු මෙම වැඩසටහනේදී දැකගත හැකි විය. එමෙන්ම තමන්ගේ අදහස් දැක්වීම් අධිකරණයට කරනු ලබන අපහාසයන් ලෙසින් වැරදි ලෙස හුවා දැක්වීමට ඇතැමුන් උත්සාහ කරන බව ද පෙන්වා දුන් මන්ත්‍රිවරයා එවැනි පුද්ගලයන්ට තමන්ට එරෙහිව නඩු පවරන ලෙසට දන්වා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් සිදුවු එස් එම් එස් හුවමාරුවක් ඇතුළු රසවත් කරුණු රැසක් මෙම වැඩසටහනේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මුල් වරට රටට හෙළි කරන ලදී.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම සඳහා පොලඹවා ඔහු අමාරුවේ දැමූ බවට තමන් ඇතුළු පිරිසකට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම සම්බන්ධයෙන් කරුණු තුනක් මත එදා තමන් ද විරුද්ධ වු බවයි.
නමුත් අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමෙන් අනතුරුව රටට හිතැති තීන්දු තීරණ ගණනාවක් ගැනීමට හැකිවීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුව හරි යැයි අද තමන් ද විශ්වාස කරන බව ද මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
Awanka manussayek
Yana Yakaaa Korahath Bindagena Giya Kathaaawa
නමුත් අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමෙන් අනතුරුව රටට හිතැති තීන්දු තීරණ ගණනාවක් ගැනීමට හැකිවීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුව හරි යැයි අද තමන් ද විශ්වාස කරන බව ද මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
mathak Wenne ” Yana Yakaa Korahath Bindagena Giya” Kathaaawa
මේ බූරුවා දැන් ඇඟ බේරා ගන්න බොරු කියනවා. පණ්ඩිතයා වගේ පැනලා මහින්ද මහත්තයාගෙන් ගොඩ යන්න මුන් මහින්ද මහත්තයාව කැත විදිහට පාවිච්චි කරනවා. මේ කොටා අර ඕස්ට්‍රේලියාවේ මිනිහෙක්ට කළ වංචාව දන්නේ නැද්ද? මු මේ ජාතිවාදය අවුස්සන පට්ට පජාත හොරෙක්නේ
සිංහල ජනතාවට සිදූවන අසාධාරණ කම් වලට එරෙහිව ය කටයුතු කිරීම උබ දකින්නේ ජාතිවාදී විදිහටනම් ඌබෙ පියා සිංහල යෙක් නම් නෙමෙයි.
gon haraka mu
හිතට එකගව ඇත්ත කිව්වට ස්තුතියි. මේ ඇත්ත ජනතාව දැන ගත යුතුයි. මහින්ද අමාරුවේ දැම්ම කියල බොරුවට ඔබතුමන්ලට බනින හරක් මේක දකිත්වා
මෙයා මහින්ද මහතා සමග එකතු උනේ රට ජාතිය රැකගන්න නොවෙයි. තමන්ගේ සුදු පිරුවටයෙන් වසාගෙන සිටින නිරුවත හෙළිවීම වලක්වා ගන්නයි. 2014 දී පාඨලී ඇතුළු නඩේ සමග යහපාලනයට ගිය මෙතුමා දින කිහිපයකින් “”රට ජාතිය රැකගැනීම සඳහා මහින්ද මහතා සමග එකතු වෙනවා ”” කියා පැත්ත මාරු කළා. මාරු කළා නොවේ, කරන්න සිද්ධ උනා. මහින්ද සමග එකතු නොවුනොත්, බ්‍රයන් ෂැඩොක් නඩුවේ (ඕස්ට්‍රේලියන් ව්‍යාපාරිකයාගේ කොටස් හොරෙන් විකිණීම ) ෆයිල් එක එලියට දානවා කියලා මහින්ද පිල මෙයාව බ්ලැක්මේල් කරපුවාම ( ඉතාම පැහැදිලි වංචාවක් කියන එක මෙයා හොඳින්ම දන්නවානේ) කට වහගෙන ආපසු යන්න උනා. ලංකාවේ අධිකරණ වල කාර්යක්ෂමතාවයට පින් සිද්ධ වෙන්න මෙයා තාමත් එළියේ. නමුත් වැඩි කාලයක් එහෙම ඉන්න වෙන එකක් නැහැ .
වළකාලමින් අවැසිම වුණු මැතිවරණේ
ඔබ දුන් තීන්දුව රටටම වින කෙරුණේ
තිස්තුන දෙක (ඇ) ගැන විමසුම මඟ හැරුනේ
හිතලද, වැරදිලද කිවමැන අධිකරණේ
He is too eager to be the PM, he forgot ETHICS, MORALS etc etc, he is a PM in a hurry to save his clan from wearing JUMPERS.