මහින්ද අගමැති කරන්න ජනපතිට අයිතියක් නෑ.. පාර්ලිමේන්තුව වහා හැදවනු..- කිරිඇල්ල
October 28, 2018 at 8:02 am | lanka C news
ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කරන්න වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නැතැයි සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
‘අපි ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාගෙන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවන්න කියලා. එක්සත් ජාතික පෙරමුණ අපි සුදානම් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න.
ජනාධිපතිවරණයත් ලපාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කරන්න වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නෑ.
අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ එක්ක ඉන්නවා. කවුරු කොහොම ආණ්ඩු හදන්න වුනත් උත්තරීතර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ සමග බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
රාජිත සමරසුරිය
උඩරට පාවාදෙන කලු සුද්දා පන්නමු
Hammata…. Muta ne ayithi ya thiyenne 🤪🤪
පන්සලෙන් නම්බු නාම. රටට බම්බු ගහන කට හැකර එලා මේ කැරී අල්ලේ තමා.