මහින්ද අගමැති කරන්න ජනපති මෛත‍්‍රී සූදානම්..

August 27, 2018 at 10:39 pm | lanka C news
මහින්ද අගමැති කරන්න ජනපති මෛත‍්‍රී සූදානම්..

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අකමැත්තක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

අගමැතිකම බාර ගැනීමට සූදානම් යයි මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්විය යුතු යයි මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩු පෙරලියක් එමගින් සිදුවිය හැකි යයිද කී ඔහු ඉදිරි වසර එක හාමාරේදී මෙම ආණ්ඩුවෙන් විය හැකි හානිය අඩු කර ගත හැකි යයිද පෙන්වා දෙයි.

සීමා නිර්ණ වාර්තාව පරාජය කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව දැවැන්ත අර්බුදයකට ගමන් කන බව යයිද ඒ මහතා තව දුරටත් සදහන් කලේය.

162 views
Main News