මහින්ද අගමැති කර අලුත් ආණ්ඩුවක් ස්ථිරයි.. බහුතරය දෙන්න එජාපෙ විසි ගණනක් මහින්ද දොර ලග පෝලිමේ…
October 28, 2019 at 12:02 am | lanka C news
නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් ඊට ආසන්න දිනයක දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විටත් සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ මේ වන විටත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් නව ආණ්ඩුව සමග එක් වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි.
ඔවුන්ගේ යම් යම් කොන්දේසි ගැන එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවද ඔහු කියා සිටියේය.
තමනට පාර්ලිමේන්තුවේ බහුතරය වෙනුවෙන් අවශ්‍ය ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා බරපතල කොන්දේසිවලට එකග වීමේ කිසිදු උවමනාවක් නැති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් එසේ පිහිටුවන නව ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පාර්ලිමේන්තුවේ යෝනා සම්මතයකින් පසු හැකි ඉක්මනින් මහ මැතිවරණයකට රට යොමු කිරීම බවද ඔහු සදහන් කලේය.
Oya thatiya keeparak waadanaya unaada? Dang janathawa buddimath!!
Meda paara pakshaya warna nobalaa Sajith ta chandaya denawamai
Gothata dinana warama tibunaa namuth jathiwadiyoa tika(okkamala) Langa sameepakaragattha janathaaea dang bddimath!