මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා..- සජිත් පිල කියයි..

December 31, 2019 at 12:02 am | lanka C news
මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා..- සජිත් පිල කියයි..

ජනවාරි තුන් වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිදුකරන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැතහොත් රාජාසන කතාව හැකිනම් සම්මත කරගෙන පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අභියෝග කරයි.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බවත් එනිසා නැවත වතාවක් පාර්ලිමේන්තුව සැසිය අවසන් කිරීමට බලාපොරොත්තුවක ජනාධිපතිවරයා සිටින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ජය ගත් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත් එක් ජන වරමකින් තවත් ජනවරමක් යටපත් කිරීම ව්‍යවස්ථා විරෝධි බවත් ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල තිස්ස අත්තනායක මහතා ඉදිරියෙන්ම කටයුතු කලේය.

215 views

22 Comments to “මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා..- සජිත් පිල කියයි..”

  1. Sage of OMAHA says:

    MARA & Co has been Salivating for over 4 yrs to get to this position, do you think Jarapakses will ever let this opportunity to go bye?

Main News