රනිල් කාර්ය මණ්ඩයට සමුදී අරලිය මැදුරෙන් ඉවත් වෙයි.. මහින්ද අගමැති දිවුරුමට සූදානම්…

November 21, 2019 at 12:40 pm | lanka C news
රනිල් කාර්ය මණ්ඩයට සමුදී අරලිය මැදුරෙන් ඉවත් වෙයි.. මහින්ද අගමැති දිවුරුමට සූදානම්…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

මීට ටික වේලාවකට පෙර ඒ මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ඇමතීය.

අනතුරුව ඔහු අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයෙන් ඉවත් වී ගියේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ වන විටත් ඒ සඳහා වන සුළු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාවරයා ලෙස පත් කිරීමට සූදානම් කර ඇත.

47,988 Viewers

6 Comments to “රනිල් කාර්ය මණ්ඩයට සමුදී අරලිය මැදුරෙන් ඉවත් වෙයි.. මහින්ද අගමැති දිවුරුමට සූදානම්…”

  1. රජරැටියා says:

    මණ්ඩලේ අමතන්න දෙයක් නැහැ නෙව. හනිකට පිටත්වුනානම් හොදයි ආයිබොවං. අපේ මහින්ද මහත්තයට කන්තෝරුව බාරදීලා.

  2. Saradiel says:

    බලාගෙන කැමරා සවිකර යන්න පුලුවන්

  3. semini says:

    බලන්න රනිල්ගේ තියෙන හැදියාව

  4. semini says:

    බලන්න රනියගේ තියෙන හැදියාව …..හික් හික් …හූ…….කන්න

  5. RAYMOND says:

    විජිත හේරත් කතානායක තුමා ට බාර දිමට ලිපිය ක් සකස් කරයි

    අරලියගහ මැදුරේ බලය හාමුටයි අයිති

  6. Gotaimbara says:

    We didn’t know Ranil had such a large workforce.

Main News