මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වෙමින් කල සම්පුර්ණ ප‍්‍රකාශය මෙන්න..

December 15, 2018 at 1:20 pm | lanka C news
මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වෙමින් කල සම්පුර්ණ ප‍්‍රකාශය මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අද සිය විජේරාම නිල නිවසේදී මාධ්‍ය අමතමින් සිදු කරන ලද සම්පුර්ණ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, මැති ඇමතිවරුණි, මිත්‍රවරුනි, හිතවතුනි,

අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක්  නිසා එය හදාරා බලා, ඒකෙන් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී කතා කරන්නෙ කැඳවපු මහ මැතිවරණය පවත්වන්න බැරි නිසා ඇතිවෙන දේශපාලාන තත්වය ගැනයි. අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නෙ, දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්‍ෂ එකතුවක් එක්ක.  පසුගිය ආණ්ඩුව පලාත් පාලන ඡන්දය අවුරුදු තුනක් ප්‍රමාද කරලා දින නියමයක් නැතුවම ඒ ඡන්දය කල්දාගන්න උසාවි යන්න හදනකොට, නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්දයක් පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු නිසා තමයි ජනතාවට ඒ ඡන්දයවත් ලැබුණෙ. නැත්නම් ඒකත් නෑ.

අද වන විට පලාත් සභා ඡන්ද අවුරුද්දයි මාස තුනක් විතර ප්‍රමාදයි, නමුත් ඒ ඡන්දය පවත්වන දවසක් ගැන හෝඩුවාවක්වත් නෑ. ඒ ඡන්ද  දින නියමයක් නැතුව කල් යන විදියට නීතියෙන් ගැටගහලා තියෙන්නෙ. 2017 සැප්තැම්බර් මාසයේදී පලාත් සභා ඡන්දය කල් දාගන්න ගෙනාපු පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕන කියලා නීතිපතිවරයා කිවුවාම රෑ වෙනකම් පාර්ලිමේන්තුව ඇදගෙන ගිහිල්ලා කොහොම හරි මන්ත්‍රීවරුන් එකතුකරගෙන, සමානුපාතික නියෝජන ප්‍රතිශතය 40% ඉඳලා 50% දක්වා වැඩි කලේ නැතිනම් ඒකට ඡන්දය නොදෙන බව සමහර පොඩි දේශපාලන පක්‍ෂ කිවුවාම ඒකට පාර්ලිමේන්තුවේ කොරිඩෝරියේ හිටගෙනම එකඟ වෙලා, ගහන්න තියෙන කරනම් සේරම ගහලා  තමයි ඒගොල්ලෝ පලාත් සභා ඡන්ද කල්දාගත්තෙ.

කැදවපු මහ මැතිවරණයත් දැන් ජනතාවට අහිමි වෙලා තියෙන්නෙ.  ජනාධිපතිවරයා නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසිරෙවුවට පස්සෙ, මැතිවරණ පවත්වනවට විරුද්ධ හවුල උසාවි ගිහිල්ලා තාවකාලික වාරණ නියෝගයක් අරගෙන යූ.එන්.පී කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවල තිබුණු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලන්ට තියෙනවයි කියලා පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුනා. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොනවද කියලා ජනතාවට හරියටම පෙනුණෙ දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හැටියට පත් කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් ටී.එන්.ඒ ඡන්ද. ටී.එන්.ඒ එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, ටී.එන්.ඒ එක රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත්. ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න යූ.එන්.පී සුළුතරය ටී.එන්.ඒ එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි. ටී.එන්.ඒ එක කියන විදියට රට පාලනය කලේ නැතිනම් ඕනම මොහොතක යූ.එන්.පී සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. ටී.එන්.ඒ එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ.

නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කලා. මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා මාධ්‍යයේ පලවෙලත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කඩන්නයි සූදානම් කරලා තියෙන්නෙ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර්  9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවා. එතකොට පලාත් සභා ඡන්ද කල්දාල තියෙන විදියටම සීමා නීර්ණ ප්‍රශ්න මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිරවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ.

ආණ්ඩුවෙ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වුණු නිසා, ‘ජාතික ආණ්ඩුවක්’ හැටියට ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) වගන්ති වල විශේෂ විධිවිධාන යටතේ පිහිටුවලා තිබ්බ ඒ ආණ්ඩුව ඉබේම බිඳ වැටුණා. ඊට පස්සෙ, එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් එකතුවීම නිසා මා නායකත්වය දෙන කණ්ඩායම පර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම බවට පත්වුණා.  1994, 2000, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණ වලින් පස්සෙ ආණ්ඩු පිහිටුවන්න ආරාධනා ලැබුණෙ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා, පස්සෙ තමයි ඒ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තෙ.

අපි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සෙ ජනාධිපතිතුමා මහ මැතිවරණයක් කැදෙවුවා. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිද අගමැති හැටියට දිවුරුම් දුන්නෙ වැඩිම වුනොත් ජනවාරි 5 වෙනිදට නියම කරලා තිබුණු මහ මැතිවරණය ඉවර වෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙනයන්න විතරයි. බලා සිටියදී රට විනාශ මුඛයට යනතෙක් ජනාධිපතිවරයෙකුට නිකම් ඉන්න බෑ. මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන  ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනය කරන කොට, ඒ ආරාධනය විකල්ප ආණ්ඩුව හැටියට ස්ථානගතවෙලා ඉන්න බලවේගයට ප්‍රතික්‍ෂේප කරන්නත් බෑ. ඒ වගේම, මහ මැතිරණයක් අවසන් වෙනකන් මාස දෙකක් වගේ කාලයකට රට ගෙනයන්න සුලුතර ආණ්ඩුවක් හොදටම ප්‍රමාණවත්. ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත ඒ එඩිතර තීන්දුව අපි විශේෂයෙන්ම අගය කරන බව කියන්න ඕන.

නමුත් ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ මෙහෙ වුණේ වෙනත් දෙයක්. කොහොමහරි මොනම මැතිවරණයක්වත් නැතුව ඉදිරියට යන වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. දැන් මහ මැතිවරණයක් පවත්වන්න බැරි නිසා, මේ රට ආර්ථික පරිහානිය තුළින් තවත් ග්‍රීසියක් වීම වලක්වන්න අපි ගන්න හිටිය පියවර මොනවත් දැන් ක්‍රියාත්මක කරන්න බෑ. අවරුදු තුන හමාරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක් විදෙස් විනිමය ණය විතරක් ගත්ත යූ.එන්.පී එක, ඉදිරි කාලයේදී තව කොයිතරම් ණය ගනීවිදැයි අපි දන්නෙ නෑ. ඒගොල්ලො ණය ගත්තෙ පරිභෝජනයට. අපි ණය ගත්තෙ රට සංවර්ධනය කරන්න. පාරේ යනකොට පේනන තියෙනවා ඒ සංවර්ධනය. නමුත් මේ අය ණය ගත්තෙ පරිභෝජනයට විතරයි. ඔය ණය ගැනිල්ලෙන් තමයි ඒගොල්ලො අපේ ආර්ථිකය විනාශ මුඛයට ගෙනාවෙ.  දැන් ජනාධිපතිවරයා මේ අලුත් යූ.එන්.පී – ටී.එන්.ඒ හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.

2002 දී එක්සත් ජාතික පක්‍ෂය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කළෙත් එකල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දැණුවත් නොකර බවත් අප මතක තබාගන්න ඕන. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ අපිට පුලුවන් වුණා පීඩනයට පත්වෙලා ඉන්න ජනතාවට ඉන්ධන මිල අඩුකරලා, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරලා, පොහොර සහනාධාරය හා පාසල් නිල ඇඳුම් යලිත් ස්ථාපිත කරලා, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ආදායම්, බදු වලින් නිදහස් කරලා ජනතාවට  යම් සහනයක් ලබලා දෙන අතරම විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගන්වන්න. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තික ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබ්බ පසුගිය ආණ්ඩුවේ ශ්‍රී  ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවර ගන්නත් පුලුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දඩයමත් අපි නැවැත්තුවා. වැසී යෑමට නියමිතව තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේර ගත්තා. බලාපොරොත්තු වූ මහ මැතිවරණය නොලැබුනත්, ඔක්තෝබර් 26 වෙනිදා පටන්ගත්ත ඒ ක්‍රියාදාමයෙන් ඒ වගේ වෙනත් ප්‍රයෝජන කිහිපයක් ජනතාවට ලැබිලා තියෙන බවත් කියන්න ඕන.

මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් අනුව හැසිරවීමට හැකි වුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය නැති වීම. 19 වන සංශෝධනය ගෙනල්ලා මුලු රටම අවුල් ජාලාවක් බවට පත්කරපු පිරිස විසින්ම කෙටුම්පත් කරපු නව  ව්‍යවස්ථාව සම්මත කරන එක එයින් වලක්වාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේම පිරිසක් විපක්‍ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්‍ෂනායක කමත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කමත් තමන් සතු කරගෙන අවුරුදු 4 කට ආසන්න කාලයක් මුලුල්ලේ ගෙනගිය ඒ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ අධිපතිවාදය අවසන් කිරීමට දැන් මඟ පෑදිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තිබුණු ඒ විකෘතිය නිසා රටේ සියලුම ඉහල පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. මේ නිසා රටේ සියලුම වැදගත් තනතුරු වලට පසුගිය අවුරුදු හතර මුලුල්ලේ පත් වුණේ 2015 දී ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිපල අද මුලු රටම අත් විදිමින් ඉන්නවා.

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපේ අරමුණ වුණේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීමයි. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා.  ඔක්තෝබර් 26 වනදා මා අගමැති වනවාත් සමඟම මුලු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිඳීමක් ඇති වුණා. 2015 න් පස්සෙ කඩාවැටිල තිබ්බ කොටස් වෙළඳපොල නැවතත් පිබිදුනා. 2015 න් පස්සෙ, එල්.එම්.ඩී. – නීල්සන් “ව්‍යාපාර විශ්වාසනීයත්ව දර්ශකයේ” වැඩිම ඉහල යෑම ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සෙ අපි දුටුවා. රටේ ආණ්ඩුවක් නැති තත්වයක් නිර්මාණය වුණාම විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත්, 2017 නොවැම්බර් මාසයට වඩා, 2018 නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 16% කින් වැඩි වෙලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ, දේශපාලන අස්ථාවර භාවයත් නොතකා ඇති වුණ ඒ ප්‍රවනතා නිසා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව කුමක්දැයි අපි කාටත් පැහැදිලි වුණා.

මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්‍යයෙන්ම ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඒකාබද්ධ විපක්‍ෂයත් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ෂවයත් එකට ගත්තාම දැනටම රටේ ඡන්ද වලින් 54% ක් පමණ නියෝජනය වන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක්ක දැනටමත් ඉන්න, ඡන්ද පදනමක් තියෙන, උතුරු නැගෙනහිර හා කදුරට පක්‍ෂ ගණනාවකුත් එකතු වෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නෙ, කිසිවෙකුටත් නවත්තන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ,  දැනටමත් අවුරුද්දකුත් මාස තුනක් පමණ ප්‍රමාද වෙලා තියෙන පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි. දැන් නැවතත් රටේ සුක්කානම අතට ගැනීමට මාන බලමින් ඉන්න මේ විනාශකාරී බලවේගය ඉදිරියේදී කරන හානිය හැකිතාක් දුරට අවම කිරීම අලුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහිවෙන තුරු මේ සන්ක්‍රාන්ති කාලය තුළ අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි. 2015 ඉඳලම අපි සමඟ නොසැලී සිටි ජනතාව ඉදිරියේදීත් අපි සමඟ රට බේරාගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නෑ. අපි ජනතාව සංවිධානය කරලා රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

86,421 Viewers

49 Comments to “මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වෙමින් කල සම්පුර්ණ ප‍්‍රකාශය මෙන්න..”

  1. Janak says:

    Mahinda mahaththaya paw.

    • NAK says:

      mahinda mahaththya nevei harako mulu ratama paw. ratatama kelevila thiyenne.

    • Plato says:

      The issues arising from the current political turmoil:

      1. Is the 19th constitutional amendment illegal since it has taken away the powers of the executive president without the approval by the people at a referendum?

      2. Thus, are there legal provisions to challenge the validity of the 19th Amendment in the Courts?
      3. Can the members of the Election Commission challenge the conduct of a parliamentary election while still being in the public service?

    • මරුති says:

      අති විශිෂ්ඨ කතාවක්. මහින්ද මහත්තයා නැත්තම් අද අපි මැරිලා උඩින් ගසුත් පැළවෙලා.
      මහින්ද මහත්තයා අපේ ජාතිය ගලවාගත් වීරයා
      සමහර විට මෙතුමා වෙන්න ඇති මතු බුදු වෙන්න පෙරුම් පුරන බොධිසත්වයන් වහන්සෙ..

      • aaa says:

        බුදු වීම කෙසේවෙතත් පෙරේතයෙක් වෙනවා කියලනං ශුවර්

        • වෙසමුණි says:

          පෙරේතයා කියන්නෙ අත් නොහැර එල්ලිලා ඉන්න එවුන්ට. අ‍රලිය ගහේ එල්ලිලා හිටි එකා වගේ. අද මල පෙරේතයෙක්ට අපේ රට ගිය කණගාටුදායක දවස. මුලු පරිසරයම මූසලයි, මුස්පේන්තුයි.
          අත් හරින අය දෙවියන් හා සමානයි. අපේ මහින්ද මැතිඳුන්ට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා!

      • Suuzuki says:

        Ow penawa, etamaalayak bandagena hulawaaliek deepu visil ekak pimba pimba….

  2. Madushanka says:

    IRA PAYAN NA BATHA IDEN NA GEDARA… ANDANNE AYI SUDU MANIKE. THANHAYA JAYATHI SOKO. MEETA PASSE LANU KANTA EPA APPACHCHI.

  3. Janathaawa says:

    A very good , comprehensive farewell speech to enlighten our Nation ,what is being happening against our Motherland. The Sovereignty of the Republic of Sri Lanka is in the people and it is unalienable. The patriotic people should be alert and vigilant of the actions of the local agents and their foreign masters.

    • හැකහැක says:

      මේ ජඩයා හැමෝවම අනතුරට දැම්මා පාවා දීලා…ජුදාස්.

  4. Gayantha says:

    අයින් වුන එක හොදයි. මේ මගුල කරගහන්න කියලා ඔබට මූලිකව කිව්ව පුද්ගලයොන්ගෙන් දැන්වත් පරිස්සන් වෙන්න.

  5. Dev says:

    හොන්ද කතාවක්.රටට වෙන හානි විපක්ශ නායක කම අරන් අවම කරන්න.පලාත් සබා චන්දය කොහොම හරි දිනා දෙන්න ජනතාවට.
    චම්පිකල රාජිතල ඔබෙන් පලි ගනීවි.එක චන්ද පදනම තවත් වෑඩි කරාවි.අර්තිකය නම් එවරම කරල දාවි මෙ ගොල්ල.එක එතින් මුල ඉන්දල පටන් ගන්න වෙවි.කන්න නති උනත් කමක් නෑ රට බෙරල දෙන්න.මතෘ භුමියට ජය වෙවා

  6. Jayawewa appachchi. Ohoma yamu. Rata bera ganimu!!!

  7. Toma says:

    Obathumata Jayen Jayama wewa. Budusaranai !

  8. Gajaman says:

    Anaconda

    “අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා”

    Theenduwa Sira parlimentuwa wiyawastha
    Wiroodiwa wisuruweemata erehiwai

  9. Sara says:

    Dear mahinda proud of u . Ranil will never ever act like u. Theruwan saranai !!!

  10. indunil says:

    heta dakeema……………

  11. Nim says:

    ” MAHINDA MATHI THUMANI OBA
    TA THERUWAN SARANI ”
    MAGE DARMADEEPAYA RAKEWA.
    SATHARA WARAN DEVE PIHITI
    MAGA AHINSAKA RATA RAKEEWA. “

  12. john the baptice says:

    එන වසරේ රනිල්ට රජය ගෙනියන්න බැහැ ඉල්ලා අස්වෙන්න සිදුවෙනවා

  13. power greed says:

    he is not politically matured enough.
    rejected by the voters,rejected by the constitution.
    exposed to the extreme.
    voters are slow learners !

  14. chandapala says:

    ඉක්මනින්ම රට ගොඩනැගීමට ශක්තිය ලැබේව.!!1

  15. jayamal says:

    ජනතා ආදරය දිනූ ගරු මහින්ද රාජපක්ස මැතිතුමනි, ඔබතුමා සමඟයි මේ රටේ ජනතාව හැමදාමත් ඉන්නේ. ඒ බව මැතිවරණය කවදා හෝ තිබ්බම කාටත් සක් සුදක් සේ පැහැදිලි වෙනු ඇත. ඔබතුමාට දීර්ඝායුෂ පතමි!

    • sayumi says:

      ඔව් ජයමල්.එහි කිසි සැකයක් නැහැ. මුන් මේ මහ ලොක්කො වගෙ ගත්තට බලමුකො කොරන හැටි. ජනාධිපතිට පුලුවන් වුනොත් තමන්ගෙ කණ්ඩායම පාලනය කර ගන්න, මුන්ට වැඩිකල් නටන්න ලබෙන්නෙ නැහැ. රටෙත් ජනතාවගෙත් යහපත නොසලකා රටට වින කරන තීන්දුව දුන් එවුන්ට හොඳක් නම් සිද්ද වෙන්නෙ නැහැ.

  16. Gamini Abaya says:

    Jayawewa….

  17. රුවන් says:

    ජනාධිපතිතුමනි,

    අගමැති ධූරයට රකන හාමුදුරුවන්ව පත්කරන්න. මහින්දගේ 10 කටයි රනිල්ගේ 10 කටයි ඇමැතිකම් දෙන්න. ඒ සභාගය යටතේ මාස 3 ක් ඇතුළත මැතිවරණය තියන්න

    • Duleepa says:

      Bola booruwo Nadu theenduwa kiyewuwe nadda. Mahinda mahaththaya ta keluwuneth tho wagema harak Nisa. Ethumata chande denneth tho wagema harak.

  18. Asaranaya says:

    කරන්න තියන යටිකූට්ටු වැඩ ඔක්කොම කරලා හොඳටම ගූ වෙලා ලැජ්ජ නැතුව තව කයිවාරු ගහන්නත් එනවා.

  19. හැකහැක says:

    බොරැ දේශප්‍ර්මි නිවටයා පාවා දුන්නා..පොත් රාක්ක පිටිපස්සට ව‌ෙලා රනිල් එක්ක ඩීල් දැම්මා…
    රැවටිලි කාරයා රනිල් එක්ක ඔක්කොම කතාකරග‌ෙන ඇවිල්ලා මෝඩ පාක්ෂිකයන් ඉදිරියේ වීර කතා.

  20. ඣාණදාස says:

    රට බේරාගැනීමේ මෙහෙයුමට එක්වන බවට පොරොන්දු වෙමු

  21. Gajaman says:

    Obathuma ara madaviyata aran dunnu miriskudu kohenda gatthe ?
    Brand promotion ekakata ahanne

  22. Brijesh Palitha says:

    Sunday 16 Ranil becomes the PM at 10 am. At 11 am Sirisena tenders resignation as President and takes helicopter to Polonnaruwa. This is because Sirisena is a man of his words

  23. ratawesiya says:

    kawuda liyala dunne? obata beri bawa dannawa. wayasa 74 pension aragena tharunayanta upades denna

  24. sathya says:

    Perethayata honda wade. Me dawas 50 rata kalla winasha kara.

  25. Vasana says:

    රනිල්ට ඉදිරියට රජය ගෙන යන්න ක්‍රමයක් නැහැ රට අගාදියට යනවා මහජනතාව පාරට බැසිය යුතුය

  26. Bayyek says:

    Bay appacchi …
    Oba ayeth ena thuru api magabalaaana

    Bay putthu

  27. Sumna says:

    Jaya wewa!

  28. Namal says:

    අවසානයේදි මහින්ද කරඩුව පැත්තකින් තබා.. බිම වැටි තිබු සරම හැද ගත්තේය…

    • චන්දෙට බය අගමැති says:

      හොරා , දිගටම හොරා කෑම පිණිස කලිසම ගලවා දමා හෙට එම කරඬුව භාර ගැනීමට නියමිතය.😂😂😂

  29. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapakse agamethi Kamen illa aswune neha.adikaranayen agamethi Kamen ain kara.thawath keppa kelala janathawa Mula karanawa.

  30. sam says:

    “”අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් නිසා එය හදාරා බලා, ඒකෙන් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා.””

    මේ නඩු තීන්දුව කියවන්න කල් ඕනෑ කිව්වාට හිටපු අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනාපු, පිටු එක්දාස් ගානක චෝදනා පත්‍රය පැය කිහිපයකින් කියවලා, ඒවා විභාග කරලා, නඩු අහලා, දඬුවම් දුන්න කාලයක් අපිට තිබුනා අපේ හාමුදුරුවනේ!

    • කපුටා says:

      කාටද අර හොරාකාලා හිරේට නියම වෙච්චි එකාගෙ නෝනාටද?

  31. SL Community says:

    ගෙරි බල්ලො ටික එකතු වෙලා මේ රට අයෙත් පාවලා දුන්න නෙද? ඉස්සර කාලේ ඉදලම මෙහෙම හිවල්ලු නිසයි අපේ රට නැතිඋනේ… අදත් ඒ විදියටම ඒ හැම දේම වෙනව… අහෝ අපේ රටට වෙච්චි අපරාදයක්…

  32. suren says:

    දැ න් වී ම යි

    මගේ චන්දය : මිල ලක්ස 5යි

  33. මම කිචවුනා, ඇගත්තා, සොරි මට කෙලවුනා.මම යනවා.

  34. NuwanJ says:

    ඹබ සැමදා ජන හදවතේ ජනපතියි.. ජයවේවා ..

  35. AM says:

    Look Mr. Rajapakse. You know very well that you are the no 1 fraud in Tsunami scandal as per your cheap (Chief)Justice Perera.

Main News