මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

December 3, 2018 at 3:51 pm | lanka C news
මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් එම ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී .

මෙම නඩු විභාගය සඳහා දෙසැම්බර් මස 12 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මන්ඩලයේ 49 දෙනෙකු පෙනී සිටින ලෙස ද අද දිනයේ නියෝග කළේය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සහ කැබිනට් මණ්ඩලයට ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

351 views