මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්රියා කරනවා
November 18, 2018 at 8:02 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට ද දැඩි ිඅයෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගයක් සඳහා මුහුණ දීමට තම පාර්ශවය සැමවිටම සූදානම් යැයි ද ඔහු සඳහන් කරයි.
එසේ නොකර කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ සටන් වදින බව ද ඔහු සඳහන් කළේය.
කතානායක ඇතුළු මැරපිරිස හමුවේ ඔබගේ සේවය විශිෂ්ඨයි. මෙවන් අවලමුන් හමුවේ මොන යහපත් හැසිරීම්ද? විසෙන්ම ව්ෂ නැසිය යුතුයි. රණවීර ඔබට ජය.
Kasippuwa
harak galaka inna ona muwa parliment yawapu KALANIYE HARAKTA gaya wewa………
ambiliya tho kalaniyeda……….
කෙසේ වුවද බහුතර මන්ත්රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135) ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හඬ අනුව තීරණයක් ලබාදීමේ 48(1) වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත්රීවරුන්ගේ නමින් ඡන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත්රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16 දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත්රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප්රතික්ෂේප කරමින් සහ නමින් ඡන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.