මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

January 22, 2019 at 4:40 pm | lanka C news
මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

පසුගිය ඔක්තෝම්බර් 26 වන දින රට තුල ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතුනු බවත් සංවර්ධන කටයුතු සඳහා ලැබීමට නියමිතව තිබු ජාත්‍යන්තර අරමුදල් ශ්‍රී ලංකාවට අහිමිව ගිය බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

කුමන්ත්‍රණකාරී දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්, මුල්‍ය පහසුකම් ලබාදීමෙන් වැලකි සිටි විදේශීය රටවල් සහ ජාත්‍යන්තර ආයතන මේ වන විට ශ්‍රී ලංකා රජය පිලිබඳ විශ්වාසයක් ගොඩනගා ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කලේ, රටේ ආර්ථිකය සහ සංවර්ධන වැඩපිළිවෙල පිලිබඳ අමාත්‍යංශයේ පැවතී සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

මහින්ද රාජපක්‍ෂ රෙජීමය දින 51ක් තුල මේ රටට කල විනාශයට අද මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ පොදු ජනතාවට සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයටයි . මේ දින 51 තුල භාණ්ඩාගාර සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත් මෙන්ම භාණ්ඩාගාර බැදුම්කර යන අංශයන්ගෙන් රුපියල් කෝටි 6700 කට ආසන්න ප්‍රමාණයක් රටින් පිටතට ගියා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් කෝටි 100 කින් පමණ පහළ බැස තිබෙනවා. දරාගත නොහැකි ණය කන්දකට යට කර ජනතාව පිඩාවට පත්කළ රාජපක්ෂ කල්ලිය අද රටේ ආර්ථිකයටත් මරු පහරක් එල්ල කර තිබෙනවා.

අපේ රජය ව්‍යවස්ථානුකුලව වැඩ ආරම්භ කිරීමත් සමඟ සියලුදෙනා තුල නැවත රජය කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩ නගමින්, ණය බර අඩුකරමින්, ජනතා සහන ලබා දෙමින් රජය කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙලට සහය ලබාදෙන්න විවිධ පාර්ශව ඉදිරිපත් වී සිටිනවා.

ඉන්දීය මහා බැංකුව ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 7286 ක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 8287ක් ලබා දෙන්න එකඟතාව පළකර තිබෙනවා. ජපානය රුපියල් කෝටි 33485ක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා. අද රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් තිබෙනවා.

ඉතිහාසයේ වැඩිම ණය වාරිකය අපිට මේ වසරේ ගෙවන්න සිදු වුණා. එසේ වුවත් අපි ජනතාවාදී රජයක් ලෙස ජනතාවට ලබාදිය හැකි සහන සෑම අංශයකින්ම ලබා දෙන්න තීරණය කළා. සංවර්ධය වෙනුවෙන් 2019 වසර සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය අද කටයුතු කර අවසන්. ඒ අනුව විමධ්‍යගත අරමුදල් වෙනුවෙන් රුපියල් කෝටි 225ක් වෙන් කර තිබෙනවා. මිට අමතරව ගම්පෙරළිය වැඩසටහන සඳහා මේ වසරේ වෙන් කල මුදල රුපියල් කෝටි 4800ක්, ග්‍රාමීය යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් කෝටි 1500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. සමස්තයක් ලෙස 2019 වසරේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 6525ක ප්‍රතිපාධන මේ වන විටත් ආරම්භයක් ලෙස වෙන් කර අවසන්.

දේශපාලන කුමන්ත්‍රණ වලට මුහුණ දෙමින් සියලු අභියෝග මැද පසුගිය වසරේ සංවර්ධන ව්‍යාපෘති 51509 ක් සඳහා 1989ක ප්‍රතිපාදන රජය විසින් වෙන් කළා. ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය ඒකකය

9,067 Viewers

14 Comments to “මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..”

  1. aba says:

    අනේ කාලකන්නි , තොපිව පාර්ලිමේන්තු යවපු අපිට ගහන්න ඕනි .

    • sahan says:

      මේ ඔලමොට්ටල බනිස් මූනා හිතාගෙන ඉන්නේ ඌ වගේම අනිත් හැමෝමත් මී හරක් කියලා. හැබැයි මූව පාර්ලිමේන්තු එවපු ගොන් හැතිකරේනම් මූටත් අන්තයි.

  2. Asoka Liyanage says:

    රට කෑලි වලට කැඩීම් ටිකකට හෝ නතර වීම මිළ කළ හැකිද?

    අපි නොදන්නා සංවර්ධනේ !!!!

  3. Nim says:

    JAYAWEWA TA
    WEHILU SAPAYANA WADA ?
    APTA HENAYAN NE NAHA ADENAWA.
    SRI LANKA WE BAHUTHARAYA
    MOLE KOLOPPAN AYA NOWE.

  4. jagath says:

    Dina 51 ta koti 1400 yi kiyanne awrudu 4ta (dina 1460) koti 39200… mahindage dina 51 ke 1400 ayin kaloth..me anduwa koti 37800ka weda karala thiyanawa kiyana ekada? koheda appe me karapu weda thiyenne?

  5. Kadiya says:

    චන්දයක් තියන්න උත්සාහ කිරීමද කුමන්ත්‍රණය, චන්ද නොපවත්වා සිටීමට උත්සාහ කිරීමද කුමන්ත්‍රණය. දිනන්න බැරි නිසා චන්ද නොපවත්වා සිටීමේ ක්‍රියාව දේශප්‍රේමී සහ මහා වීර ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්වීමට කරන උත්සාහය තප්පුලෑමක් පමණි.

  6. Niru says:

    If you say this ahole is a donkey then you are insulting that poor animal

  7. Richmond from Canada says:

    So he stopped one billion rupees at least (supposed to be taken as commissions and bribes). Also he saved the country by making Ranil’s government a minority one. UNP is on life support system now and the switch is with the TNA. It will collapse any moment at a crucial vote in Parliament.
    Good job Mahinda.

  8. SL says:

    අපි නම් ණයක් ගද්දි ගෙවන්න පුලුවන්ද බලනවා, පොලිය කීයද බලනවා.ගන්න මුදලට කරන වැඩේ ආර්ථික වශයෙන් වාසිදා බලනවා.
    මුන් බලන්නේ කොමිස් කීයද කියා. ඉතිහාසයේ ඉඳන් ණය අරගෙන කරපු ව්‍යාපෘති වල වටිනාකම ණය මුදලෙන් භාගයක් වත් නැහැ.ඉතිරිටික ඔක්කොම කොමිස් . කොහොමද රටක් දියුණු වෙන්නේ.

  9. Sam says:

    MR uge case tika yatagahana thami balaya labaganda dagalane.
    nathnam u gahapu gahili walata parampara gannawak hodin jiwathwena puluwan.

    Kala hoda deval api agaya karanava. Rata kotingen beraganima.

    Namuth hamadematama hari kiyanna ba. Meka hamotama podui. Raniyath akka.

  10. රනි says:

    කට බාගෙට ඈරිල වගේ?

  11. DW says:

    can you believe this person? making the blame game to respite themselves all the looting and corruption during the last three years.
    What is wrong with our average voters ( franchise holders)? either they have a very short span memory or their IQ is sub 70.
    Well, I’m clueless, despite being leading a number of sociology projects in Sri Lanka.

  12. siri says:

    Do not believe these uneducated liar,he try to get marks.

Main News