මහින්ද අමරවීර ධීවර ඇමතිකමෙන් ඉවත් කර ජාතික මටට්මේ බලවත් තනතුරක් දෙන බව ජනපති මුල් වරට කියයි.. [Video]

March 16, 2017 at 10:15 pm | lanka C news
මහින්ද අමරවීර ධීවර ඇමතිකමෙන් ඉවත් කර ජාතික මටට්මේ බලවත් තනතුරක් දෙන බව ජනපති මුල් වරට කියයි.. [Video]

ධීවර ඇමති මහින්ද අමරවීර මහතාට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සංයර්ධන කටයුතු මෙන්ම රට වශයෙන් වැඩ කිරීමට වඩා වැඩි බලයක් ලබා දීමට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොටදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ධීවර ඇමති ධුර තුනක්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කය ලැබී ඇති නිසා මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ධීවර ඇමති මහින්ද අමරවීර මහතා මෑතකදී කියා සිටියේ තමන් යම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ජාතික නායකත්වයකට පත් වන බවයි. එමෙන්ම මීළග අගමැති තමන් යයි ජනතාව කියද්දී තමනට නිහතමානී අභිමානයක් ඇතිවන බවද ඔහු එවන් එක් ජනහමුවකදී කියා තිබින.

248 views
Main News