මහින්ද අමරවීර මහා බේගල් පප්පෙක්… ප‍්‍රසිද්ධියේ කියූ බේගල් එකොලහක් මාට්ටුයි..

January 23, 2018 at 3:29 am | lanka C news
මහින්ද අමරවීර මහා බේගල් පප්පෙක්… ප‍්‍රසිද්ධියේ කියූ බේගල් එකොලහක් මාට්ටුයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

මහින්ද අමරවීර ඇමතිතුමා කියනවා වාර්තාවේ පිටු 103ක් අතුරුදහන් කියලා මම කියන්නේ බොරුලු.  ජනවාරි 03 දා ජාතිය අමතමින් මේ වාර්තාවේ පිටු 1,257ක් තිබෙන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය හැමෝටම ඇහුණා  අන්තර්ජාලයට මුදා හැර තිබෙන වාර්තාවේ තිබෙන්නේ පිටු 1,154ක් බව දෙකේ පන්තිය සමත් ඕනෑම කෙනෙකුට ගණන් කරලා බලන්න පුළුවන්.  එතකොට බොරු කියන්නේ මම ද මහින්ද අමරවීර ඇමතිතුමා ද කියන එක මුළු රටටම බලා ගන්න පුළුවන්.

අමරවීර ඇමතිතුමාට මම කියූ එක බොරුවක් පෙන්වන්න කියලා අභියෝග කරනවා.  අමරවීර ඇමතිතුමා කියූ බොරු ලැයිස්තුවක් මට කියන්න පුළුවන්.  එතුමා ආණ්ඩුවට එකතු වුණේ රාජපක්ෂවරු හිරේ දාන එක වළක්වා ගන්න කිව්වා.  නමුත් එතුමා ඇමති ධූරය ගත්තාට පස්සේ බැසිල්, නාමල් සහ යෝෂිත යන රාජපක්ෂවරු හිරේ දැම්මා.  2017 මැයි දිනය දා වැඩිම සෙනග ආවේ ගැටඹේ පිට්ටනියට කිව්වා.  නමුත් අපි ගණන් හදලා පෙන්නුවා ගැටඹේ පිට්ටනිය අක්කර දෙකහාමාරයි අපේ මැයි දින රැළිය පැවැත්වූ ගාළු මුවදොර පිට්ටනිය අක්කර 18යි.  මම අමරවීර ඇමතිතුමා ප්‍රසිද්ධියේ කියූ බොරු 11ක් සොයා ගත්තා. ඒ සියල්ල මෙතැන කියලා මාධ්‍ය හමුවේ කාලය නාස්ති කරන්න මම කැමති නෑ.

මම එතුමන්ට අභියෝග කරනවා ඔබද බොරුකාරයා මම ද බොරුකාරයා කියන එක රටටම දැන ගන්න අවස්ථාවක් සලසන්න එන්න මා සමග විවාදයකට එන්න.

මහින්ද අමරවීර ඇමතිතුමනි, ඔබතුමාගේ මට්ටමින් මාව මැනලා අමාරුවේ වැටෙන්න එපා කියා ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

83 views

5 Comments to “මහින්ද අමරවීර මහා බේගල් පප්පෙක්… ප‍්‍රසිද්ධියේ කියූ බේගල් එකොලහක් මාට්ටුයි..”

  1. Dr Saman Liyanage says:

    This person is diagnosis with pseudologia fantastica and mythomania some time back.

  2. රාහුල මල්ලී says:

    මෙයාගේ මූණ බැලුවම පේන් නැද්ද මෙයා මැටිපාල කෙනෙක් කියලා… ගම්මන්පිල වැනි නීතීඥ මහත්තයෙක් මොකට මෙයත් එක්ක පැටලෙන්න යනවද..?

    • ayiyaa. says:

      හරියට හරි මල්ලි. ඔය දෙකේ පංතියෙ කොන්දොස්තරලට පිලිතුරු දෙන්න යන්න එපා ගමම්පිල මැතිතුමනි. ඔයිට වඩා ලොකු හොරකම් සහ දූෂණ මේ ආණ්ඩුවෙ තියෙනව ඒව ගැන නිතර අපේ ඡන්ද දායකයන්ට මතක් කර දෙන්න. මොකද, අපේ මිනිසුන්ට මතක තියෙන්නෙ සතියයි.

  3. Asitha says:

    Udaya .Just ignore this bus conductor as you are too educated to have a debate with such a low grade person..

  4. mu kiyanathramak kiyan thramak kiyanni boru mu hambanthotin pannanna ona

Main News