මහින්ද අමරවීර මීලග රාජ්‍ය නායක මෙන්ම ශ‍්‍රීලනිප නායක.. සුබ පැතුම් පිරී ඉතිරේ..

June 3, 2017 at 12:29 am | lanka C news
මහින්ද අමරවීර මීලග රාජ්‍ය නායක මෙන්ම ශ‍්‍රීලනිප නායක.. සුබ පැතුම් පිරී ඉතිරේ..

සුදුස්සාට සුදුසු තැන යන ශ‍්‍රීලනිපයේ නව ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අැමති මහින්ද අමරවීර මහතා ඊළඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස වැඩි වගකීම් සහිත ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති ධුරය පැවරිම සිදු කෙරිනි.

ඒ වෙනුවෙන් රටපුරා පිලිගැනිමේ උත්සව මෙන්ම විපතට පත් ප්‍රදේශවල ආගමික උත්සව සංවිධානය කිරීමට තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිහිපදෙනෙකු විසින් මේ වනවිටත් ආසන මට්ටමේ පැවත්වීමට සැලසුමක් සකස් කොට ආසන සංවිධායවරුන් සමඟ සම්බන්ධිකරණ සිදු කරමින් සියින බවද වාර්තා වෙයි.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ මෙන්ම රටේ මීලග නායකයා මහින්ද අමරවීර බවත් ඊට සුබ පතන බවත් පවසමින් සමාජ ජාලවන්හි විවිධ සුපපැතුම් සංසර්ණය වෙමින් තිබේ.

121 views
Main News