මහින්ද අමරවීර හම්බන්තොට ඒකාධිපතියෙක් වෙයි..

October 15, 2017 at 6:33 am | lanka C news
මහින්ද අමරවීර හම්බන්තොට ඒකාධිපතියෙක් වෙයි..

හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුල මහින්ද අමරවීර ඇමතිවරයා ඒකාධිපති ගමනක් යන බව ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා චෝදනා කරයි.

ඇමති සජිත් ප්‍රෙම්දාස හෝ තමන් නොදැන ඇමති අමරවීර විසින් මහවැලි ඉඩම්වල ඔප්පු 3000ක් ජනතාවට බෙදා දුන් බවද දිස්ත‍්‍රික්කය තුල නිකමුන් වගේ ඉන්නට තමනට සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.

ඇමති අමරවීරගේ මේ ගමන නවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ අම්බලන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සදහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේදී තමන් හා සජිත් ප්‍රෙම්දාස ඇමතිවරයා වැඩ කරද්දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරාජය කරවීමට වැඩ කල මහින්ද අමරවීර ඇමතිවරයා කරන වැඩ නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

159 views

One Comment to “මහින්ද අමරවීර හම්බන්තොට ඒකාධිපතියෙක් වෙයි..”

  1. gobila says:

    AMARAYO BAMANAWENNA EAPA MARUKIYAVNAVADA MEVGE AVAJATHAKA SKKILI YANTA HENAMAGAHAPIYA

Main News