මහින්ද අලූත් පක්ෂයක් හැදුව නිසා අපට හරි සතුටුයි.. දැන් එජාපය තනිවම ආන්ඩුවක් හදනවා..
November 4, 2016 at 4:40 pm | lanka C news
‘යන යකා කොරහත් බිදගෙන යනවා වගේ මහින්ද මහත්තයා නිදහස් පක්ෂය කඩා ගෙන ගියා’ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ මුල්ලේරියා ජයතිලකාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීම පිණීස රුපියල් ලක්ෂයක ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීමටකට එක්වෙමින්ය.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
‘එක්සත් ජාතික පක්ෂයේ අපට හරිම සතුටුයි . මොකද හේතුව අද මල් පොහොට්ටුව කල එළි බැස්සා . ඒ කියන්නේ නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුණා. ඒ කියන්නේ යුන්පී තනි ආණ්ඩුවක් පිහිටුවනවා කියන එකයි. ඉතින් පරණ සිංහල කතාවක් තියෙනවා යන යකා කොරහත් බිදගෙන යනවා කියලා.
ජනවාරි මාසේ 8 වෙනිද මහින්ද මහත්තයාව පැරැද්දුවාට පස්සේත් ආයි මහ මැතිවරණයටත් ඇවිල්ලා නැවත පැරදිලා , දැන් කොරහත් කඩනවා වගේ පක්ෂේ දෙකට කඩාගෙන යුන්පී එකට බලය ගන්න පාර පෙන්නලා එතුමාට විශ්‍රාම ගන්න යන්න පුළුවන් අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා.
අනික් එක තමයි ඉතිහාසය පුනාරවර්තනය වෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය ආකාරයෙන් තමයි. පක්ෂ බල අරගලයකින් ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර පිල එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගියාට පස්සේ. ඒකේ මැදින් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ආවා. ඒ වගේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, මේ මල් පොහොට්ටුව මැදින් අපේ ගමන ගිහින් පක්ෂය ජයග්‍රහණය කරනවා’
– මිනුර රෂාන්ත
Mahinda didn’t lose in the last election but all the other Sri Lankan.
You will never be able to for a majority government neither SLFP nor Mahindas party. We are now ruined. Thanks to Maithree and Ranil with PaCha Ranawaka.
බොරු කයිවාරු ගහන්නේ නැතුව ප්‍රා සභා චන්දෙ තියල බලමුද ?
dawalda
bayata kiyana catha
muta henayak wadilada.. yako pradana paksha 2 madden gihin mahindage pakshaye balaya allanawa.. balapalla gon heththa.. thopila amu kionawaa
Moo Heenen Bayawela Kiyana Katha. These comments from these guys should not be taken seriously.
Mona magulak hari chandayak thiyamuda
Thopita yana ena ma n nathiwei ballo
baberiya bayatha