මහින්ද අවුරුදු දහයකින් කල හොරකම් යහපාලනය අවුරුදු දෙකකින් කලා…

July 14, 2017 at 6:48 pm | lanka C news
මහින්ද අවුරුදු දහයකින් කල හොරකම් යහපාලනය අවුරුදු දෙකකින් කලා…

නිදහසින් පසු පැවති සියළු රජයන්ගෙන් වැඩිම ව්‍යවසන ප‍්‍රමාණයක් පැමිණයේ මෙම යහපාලන රජය කාලයේදී බවත් අද ජනතාවට උවමනා වී ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක් නොව ජිවත් වීමේ ක්‍රමයක් බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ වත්මන් පාලනය යටතේ මේ වන විට රට මහත් ප්‍රපාතයකට ගොස් ඇතැයිද බලයට එන්නට පෙර කියූ වෙනස අද සැපක් වී ඇත්දැයි විමසන බවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොරකම් කලා යයි කියුවත් ඔහු රටට වැඩක් කල බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වසර 10 කින් සිදුකළ හොරකම් පරදන මහා හොරකම් මේ රජය අවුරදු දෙකකින් කර ඇතැයිද උන් වහන්සේ වඩි දුරටත් කියා සිටියහ.

74 views
Main News