මහින්ද ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් ගොඩ යනවා කිව්වා.. දැන් ගොඩ ගියාද.. ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි.. ආයෝජන ඔක්කොම ආපහු ගිහින්..

November 30, 2018 at 6:47 pm | lanka C news
මහින්ද ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් ගොඩ යනවා කිව්වා.. දැන් ගොඩ ගියාද.. ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි.. ආයෝජන ඔක්කොම ආපහු ගිහින්..

‘මහින්ද මහත්තයා ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් වගේ ගොඩ යනවා කිව්වා. දැන් ගොඩ ගියාද’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රශ්ණ කරයි.

මෙම අදහස් පළකළේ කළුතර පැවතී යුක්තියේ ජනහඬ ජන හමුවකට එක්වෙමින්.

“මතයක් තිබුණ, මහින්ද මහත්තයා ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් වගේ ගොඩ යනවා කියලා. දැන් හම්බන්තොට වරාය ජනසතු කරාද අප්පච්චි? හම්බන්තොට වරාය දැන් ජනසතු කරලද අප්පච්චි? කියල අපි අහනවා.

ඒ වගේම 2001 ජූනි මාසෙදි පී.බී. ජයසුන්දර චීනෙ ගියා. චීනෙට ගිහිල්ල, හම්බන්තොට වරාය, පුත්තලම බලාගාරය, මත්තල ගුවන්තොටුපල, කොළඹ දකුණු වරාය චීනෙට දෙන්න එදා ජයසුන්දර කතා කළා. ඉන්දියාවට ගිහිල්ලා, ත්‍රිකුණාමලේ තෙල් නිධි ටික දෙන්න කතා කළා. ඒවා නැහැයි කියන්න මහින්දට බැහැ.

මම පුත්තලම බලාගාරය දෙනවට විරුද්ධව තමයි මහින්දට එරෙහිව සටන ආරම්භ කරලා එළියට බැස්සේ. මම නොහිටිය නම් මෙලහට ඒ බලාගාරෙත් මහින්ද එදා විදේශිකයන්ට ලබා දීලා. ඔහොමයි අප්පච්චි ජාතික සම්පත් පිටරටවල් වලට විකුණන්න හැදුවේ.

දැන් සිංගප්පූරු ගිවිසුම බන්දුල අවලංගු කරලද? සිංගප්පූරු ගිවිසුම අවලංගු කරනව කියල කිව්වා..දැන් අවලංගු කරලද? දැන් රුපියල නැගලද? මිත්‍රවරුණි ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි. ආයෝජන ඔක්කොම ආපහු ගිහිල්ලා.

අපි මේ කලුතර නගරයේ ආඩම්බර විදිහට, බස් නැවතුම, ඒ වගේම මේ එහාපැත්තෙ තියෙන නීතිඥ සංකීර්ණය, කඩ සාප්පු සංකීර්ණය, අපේ ආණ්ඩුවෙන් අපි ඔබ තුමාලට හදලා දුන්නා. ඒවා මේ රට ණය කරලා කරපුව නෙවෙයි. මේ රට ශක්තිමත් කරලා අපි කලුතරට කරලා දුන්නේ. මේ රටේ ආයෝජන ටික ආපහු යනවා. මේ රටේ ණය වලට පොලිය ඩබල් වෙලා තියෙනවා. මේ රාජපක්‍ෂගේ, සිරිසේනගේ කුමන්ත්‍රණය නිසා ලබන අවුරුද්දේ මේ අපි තමුන්නාන්සේලා ඔක්කොටොම රුපියල් තිස් දාහක වැය බරක් පැණවිලා තියෙනවා. මේ ආර්ථිකය වනසපු එකේ ප්‍රතිඵලයක් හැටියට” යැයි පැවසීය.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය.

158 views

41 Comments to “මහින්ද ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් ගොඩ යනවා කිව්වා.. දැන් ගොඩ ගියාද.. ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි.. ආයෝජන ඔක්කොම ආපහු ගිහින්..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    ආරක්ෂක ලේකම් තුමනි, අර රාජගිරියේදී කොල්ලා හප්පපු එකට මොකද වුනේ. ඒක ගැන හොයල බලලා නීතිය ක්‍රියාත්මක කලා නම් හොදයි නේද. තව පිටරට ගිණුම් වල සල්ලි ගැනත් පස්සේ බලමු . දැනට ඕක පටන් ගමු.

  2. ෴හෙළයා෴ says:

    වසර තුනහමාරක් නීලකාස හොරුන්ගේ දඩ බිමක්ව පැවති රටක් එක රැයකින් ගොඩ ගැනීමට නොහැකි බව දැන දැනම ඒ පිළිබඳව යමෙක් ප්‍රශ්ණ කරයි නම් එක්කෝ ඒකා උන්මන්තයකු විය යුතුය.නැතහොත් අනුන්ගේ ඔළුවට විදුලි දහරා යවා සිදුකර ගත් මහා පාප කර්මයේ ආදීනව සිය ඔලුව මත කඩා වැටී නන්නත්තාරව නන් දොඩවන අංක එකේ පිස්සෙකු විය යුතුය​.ඉතිහාසයේ කිසිදු දිනක මොළය ඇති මනු සතෙක් හෙළයේ උරුමය රකින්නට යැංකි අලින් හා එක්වූවේ නැත​.යැංකි අලින්ගෙන් හෙළය රැකීමට ඉල්ලීම හා උන් හා නිරුවතින් හිඳ හෙළය රකින බව කීම මේ මහ පොලොවේ කිසිදු දිනක පැල නොවන සත්‍යයකි.ඒ පිළිබඳව විවාදයක් නැත​.
    වසර තිහක ශාපලත් යුද්ධය නිමා කරන්නට දේශපාළණ නායකත්වය ලබා දුන් මහින්ද නම් ඒ මිනිසා ම්ලේච්ඡ මිනීමරු ප්‍රභාකරන් හා සසඳන්නකු වේ නම් එසේ සසඳන එකාගේ සුජාත බව පිළිබඳ බරපතල සැකයක් මතු වන්නේය​.ඒකා හෙළයෙක්ද විය නොහැක​.රටේ ආර්ථික මර්මස්ථාන අනාගත පරපුරෙන් උදුරා අන් සතු කල අමනයින් පුළුවන් නම් ඒවා ආපසු අරන් පෙන්නාපල්ලා කියා කිසිදු හිරිකිතයකින් තොරව අද පවසන්නේ උන්ගේ මතු කී සුජාත බවේ ඇති බරපතල සැකය තව තවත් තහවුරු කරමිනි.රටේ ජනතාව මින් පසු රට වෙනුවෙන් තීන්දු ගැනීමේදී දෙවරක් තුන්වරක් නොව හතර පස් වතාවක් සිතා බලා මෙවන් වසලයින් දුරින් දුරු කල යුතුය​.තම බලය වෙනුවෙන් සිය අඹු දරුවන් පමණක් නොව සිය දයාබර මෑණියන් වහන්සේද පාවා දෙන්නට මෙවන් වසලයෝ පසුබට නොවන බව දැනගත යුතුය​.රට නැවුම් මාවතක් කරා ගෙන යන්නට අපේක්‍ෂා කරන සියළු දෙනා ව්‍යාජ උපාසකයින් හොඳින් හඳුනා ගැන්ම යුගයේ අවශ්‍යතාව වී ඇත​.වසර තුනහමාරක් තුල රටට කල හානිය මිනීමරු ප්‍රභාකරන් වසර තිහක් තුල රටට කල හානියට වඩා බරපතල බව මෙවන් අමනයිනට කියා දිය යුත්තේ අප සතු මිල කල නොහැකි පරමාධිපත්‍ය බලය මේ අමනයිනට එරෙහිව ක්‍රියාත්මක කිරීමෙන් බව පසක් කර ගැන්ම කාගෙ කාගේත් වගකීමය​.

  3. Nim says:

    HORUTH SAMAGA HELUWEN
    HORA , MENEEMARU WA
    DAN RATA KAWA ATHI
    ” GAL AGURU KAPAN ”
    RATA PAWA NODEE.

Main News