මහින්ද ඇතුළු 50කගේ මන්ත‍්‍රී ධුර අහෝසි වීම ස්ථිරයි..

December 24, 2018 at 3:24 am | lanka C news
මහින්ද ඇතුළු 50කගේ මන්ත‍්‍රී ධුර අහෝසි වීම ස්ථිරයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රින් 50කට පමණ ඉදිරි දින කිහිපයේදී සිය මන්ත‍්‍රී ධුර පවා අහිමි වන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවට පැමිණි පක්‍ෂය අතහැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා ගතහොත් එතැන් සිට මාසයක කාලයක් තුල මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවත් ඒ සදමා අධිකරණයට යා යුතු නැති බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසගේ මන්ත‍්‍රී ධුරවල ඉරණම ඇත්තේ තේරීම් කාරක සභාව හමුවේ බවත් එහිදී ස්ථිරවම ඔවුනගේ මන්ත‍්‍රී ධුර අහෝසි වන බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මීගමුව එජාප බල මණ්ඩලය අමතමිනි.

107 views

28 Comments to “මහින්ද ඇතුළු 50කගේ මන්ත‍්‍රී ධුර අහෝසි වීම ස්ථිරයි..”

  1. කරනම් ඔස්තාර් කුණු ප්‍රා දන්තයෝ ,2015 දී රාජපක්සවරු වැටුනෙ දේශප්‍රේමී පොදු ජනතාවගෙ ඔඩොක්කුවට.
    ගිය පළාත් පා. චන්දෙදි බොලට තරු විසුවුන මතකයි නේද?
    දැන් වැට්ටුවොත් වැටෙන්නෙ දේශප්‍රේමී පොදු ජනතාවගෙ බොක්කට බව දැනගනියවූ!

Main News