මහින්ද ඉන්දියාවේදී කල කතාවට වෙල්ගමගෙන් දැඩි විරෝධය.. ‘පවුල්වාදය එපා.. තවත් සිරිසේන කෙනෙක් බිහිවේවි’ රතු අනතුරු අගවයි..

September 13, 2018 at 10:22 pm | lanka C news
මහින්ද ඉන්දියාවේදී කල කතාවට වෙල්ගමගෙන් දැඩි විරෝධය.. ‘පවුල්වාදය එපා.. තවත් සිරිසේන කෙනෙක් බිහිවේවි’ රතු අනතුරු අගවයි..

එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විරෝධය පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල්වාදය නිසා බවත්ය.

පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූයේ ගිය රජයෙන් හිමිතැන නොදුන් නිසා බවත් මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

නෙත් ගුවන් විදුලිය සමඟ අදහස් පළ කරමින් වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

99 views

33 Comments to “මහින්ද ඉන්දියාවේදී කල කතාවට වෙල්ගමගෙන් දැඩි විරෝධය.. ‘පවුල්වාදය එපා.. තවත් සිරිසේන කෙනෙක් බිහිවේවි’ රතු අනතුරු අගවයි..”

  1. fernando says:

    welgama is a typical politician. cannot think or do anything other than attending funerals of voters. we need gota not just because of MR’s brother, gota is the most talented person. welgama should think about talents, not relationship. Most of .MPs thinking like welgama. in fact they dont have any talents. also does not know real role of MP too.

  2. Puransisku says:

    Apekshakaya kawru unath janadipathi kawda kiya theeranaya karanne Drawidayin. Muslimwarun ha Cristiyani karayinya. Wedi chanda tika thiyenne owun atheya. Owun dinageneemata kramawedayak nethnam newathath UNP enawaamaya.

  3. Sam Fernando says:

    Thank God. This man is going to leave the party. Let him follow the footpath of Sirisena. Being him in Pohottuwa is counterproductive. He is severely blagarded by his own people.
    The whole country is demanding GOTA. If Mahindra wants to see an unprecedented victory, let GOTA contest presidential election.

  4. Sena says:

    ගෝඨාභය ආවොත් වෙල්ගමට ඕනෑ දේවල් කරන්න බැරිවෙන නිසා ඔය විරුද්ධ වෙන්නේ. එයාට ගෙදර යන්න කියන්න

Main News