මහින්ද ඉවතට.. ශ‍්‍රීලනිප විධායක සභාව කැදවයි..

May 6, 2017 at 10:00 am | lanka C news
මහින්ද ඉවතට.. ශ‍්‍රීලනිප විධායක සභාව කැදවයි..

ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප විධායක සභාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ උපදේශක ධුරයෙන් ඉවත් කිරීම ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම තීරණාත්මක විධායක රැස්වීම වෙසක් පොහොයෙන් පසුව පැවැත්වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා දැන් උපදෙස් දෙන්නේ ශ‍්‍රීලනිපයට නොව වෙනත් පක්‍ෂයකට නිසා ඔහු තව දුරටත් ශ‍්‍රීලනිප උපදේශක ධුරයේ තබා ගැනීම පලක් නැතැයි පක්‍ෂයේ පිරිසක් මේ වන විටත් පෙන්වා දී ඇත.

27 views
Main News