මහින්ද කැදවූ විපක්‍ෂ හමුව ශ‍්‍රීලනිපය වර්ජනය කරති.. නව සන්ධානය හැදීම ප‍්‍රමාද කරන්නේ යයි පොහොට්ටුවට චෝදනා..

March 9, 2019 at 9:20 am | lanka C news
මහින්ද කැදවූ විපක්‍ෂ හමුව ශ‍්‍රීලනිපය වර්ජනය කරති.. නව සන්ධානය හැදීම ප‍්‍රමාද කරන්නේ යයි පොහොට්ටුවට චෝදනා..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය හා ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කිරීම සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැදවනු ලැබ ඇති සාකච්චාවට සහභාගී නොවීමට සන්ධානයේ දැනට ශ‍්‍රීලනිපය සමග කටයුතු කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇත.

මෙම හමුව කැදවා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී හෙට දිනය පුරාය.

මීට පෙර වාර්තා වූයේ මෙම හමුව සදහා ශ‍්‍රිලනිප පොහොට්ටු මන්ත‍්‍රී දෙපිරිසම මහභාගී වන බවයි.

මීට හේතුව යයි පැවසෙන්නේ ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානය සෑදීම පොහොට්ටු පාර්ශවයෙන් ප‍්‍රමාද කරන්නේ යයි ශ‍්‍රීලනිපය විසින් අදහසක් දැරීමයි.

ඊයේ දිනයේ විපක්‍ෂය විසින් මහනුවර පැවැත්වූ ජනරැුළියටද මේ හේතුව මතම කිසිදි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් සහභාගී නොවීය.

19 views

6 Comments to “මහින්ද කැදවූ විපක්‍ෂ හමුව ශ‍්‍රීලනිපය වර්ජනය කරති.. නව සන්ධානය හැදීම ප‍්‍රමාද කරන්නේ යයි පොහොට්ටුවට චෝදනා..”

  1. sara says:

    කොහොමද මෛත්‍රීගේ මොලේ, දැන් කට්ටියට වෙලා තියෙන්නේ “උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ” වගේ දෙයක්. දැන් පොහොට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ නුවර මීටිමට කෝ සෙනග? පොහොට්ටුව විනාශ කලේ වෙන කවුරුත් නෙමේ මහින්දම තමා. එයා මෛත්‍රීගේ කුණු අගමැති කම නොගෙන හිටියනම් අද පොහොට්ටුව බබලනවා.

  2. Critic says:

    It’s good that not participated because MR doesn’t want to topple this goverment.What he does is that he wants his friend to continue current regime untill due date.He shares the cake between his friend! Even though I’m an ardent supporter of MR, I’m quite disappointed with him.

  3. මැදමුලනෙ මුත්තා says:

    පැණිවරකා ගහටත් හෙණ ගහනව කියන්නෙ ඔකට තමයි.
    මහින්ද කොහොමටත් ගෝඨාභය ජනාධිපති අපේක්ෂත්වය දෙන්නෙ නෑ. මොකද? ගෝඨා හමුදාකාරය, දරදඬු මිනිහා කොන්ට්‍රෝල් කරන්න අමාරැයි. ජනාධිපති උනොත් මහින්ද, බැසිල්, නාමල් කියන දේ කරන්නෙ නෑ.
    මහින්ද ට්‍රයි කරන්නෙ ජනාධිපතිකම අහෝසි කරගෙන අගමැති වෙන්න.
    මෛත්‍රීපාල ට්‍රයිකරන්නෙ පොහොටිටුකාරයො රවටිටගෙන ආයෙමත් ජනාධිපති ජන්දෙට ඉල්ලන්න.
    රනිල් දැන් UNP ය බැලන්ස් කරගෙන ඉන්නෙ. රනිල්ට උවමනා පොහොටිටුකාරයොයි, ශ්‍රීලංකාකාරයොයි කොටවන්න.

    • බන්ඩා says:

      මහින්දට ඕනා ඕනා දේ කරන්න පොහොට්ටු සාමාජික පක්ෂ සහ සපෝටර්ලා මහින්ද ගෙ වහල්ලු නෙවෙය්. මහින්ද බහුතර මතයට හිස නවනවා නියතය්. මහින්දගෙ දේසපාලනේ ඒකය්. මහින්ද බලයට ආවෙත් යුද්දෙ දිනුවෙත් එහෙමය්.

  4. ඉතිහාසයේ (2015) දී තම කල වරද නැවත කිරීමටයි ජනපති සැරසෙන්නේ.
    එනම් තමන්ගේ නොවන අනුන්ගේ බලගතු පක්ෂයක් පාලමක් කොටගෙන “ජනපතිවරණයෙන් ” එගොඩවීමට දරන අසාර්ථක උත්සහයයි.
    තමනට පැහැදිලි බලයක් නැති රජයක් සහිත පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනය කල නොහැකි බව නිතරම පුන පුන කියවන්නේ අපි නොව ජනපතිමය.
    මෙයින් නැවතත් වන්නේ රට තව තවත් අගාදයට නැවත තල්ලු කිරීමය.
    රටට අවංකව ආදරේ නම් ජනපති මෙය තදින් සැළකිල්ලට ගෙන පොහොට්ටුවේ නායකත්වයෙන් සන්දානය සැදීමට උදව් දී රටටත් තමන්ටත්,සෑම සියලු දෙනාටත් යහපත උදාකිරීමට අදිටන් කල යුතුය සහ සියලු ප්‍රගතිසීලි ජනතාව මේ ගැන සැළකිලිමත් විය යුතුමය.
    “ජය ධරණී!

  5. Love nature says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

Main News