මහින්ද කැදවූ සාකච්චාවට පැවති පාර්ලිමේන්තුවේ හිටපු විපක්‍ෂ සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ.. විශ‍්‍රාමික හිටපු මන්ත‍්‍රීන්ද කැදවලාලු..

May 3, 2020 at 3:50 pm | lanka C news
මහින්ද කැදවූ සාකච්චාවට පැවති පාර්ලිමේන්තුවේ හිටපු විපක්‍ෂ සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ.. විශ‍්‍රාමික හිටපු මන්ත‍්‍රීන්ද කැදවලාලු..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ අරලියගහ මන්දිරයේ කැඳවා ඇති සාකච්ඡාව සඳහා පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු සහභාගි නොවීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය ඇතුළු පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයේ දී මෙම හමුව කැඳවා ඇත.

ඒ සඳහා පැවැති පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු සියල්ලන් සඳහා ආරාධනා කර තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මේ සඳහා ආරාධනා කර ඇත.

නමුත් මේ සඳහා සහභාගී නොවන බව සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් 87ක් හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් 06 දෙනෙක් දැනටමත් දැනුම්දී තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින හිටපු මන්ත‍්‍රීවරුන්ද අද තීරණය කර ඇත්තේ මෙම හමුවට සම්බන්ධ නොවීමටයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු මෙම හමුව සඳහා සහභාගි වීම ගැන මෙතෙන් අවසන් නීන්දුවක් ගෙන නැත.

විශ‍්‍රාමික හිටපු මන්ත‍්‍රීවරුන්ද මෙම හමුව සදහා කැදවා තිබීම හේතුවෙන්ද පැවති විපක්‍ෂ මන්ත‍්‍රී ඒ සදහා සහභාගී වීමට අකමැත්ත පල කර ඇති බවද සදහන්ය.

297 views

42 Comments to “මහින්ද කැදවූ සාකච්චාවට පැවති පාර්ලිමේන්තුවේ හිටපු විපක්‍ෂ සියළු මන්ත‍්‍රීන් වර්ජනයේ.. විශ‍්‍රාමික හිටපු මන්ත‍්‍රීන්ද කැදවලාලු..”

  1. Nadeeka says:

    කොරොනා කතාවලට සියල්ලොම එන්න අවශ්‍ය යි.
    යම පාලනේ හොරුන්ට ඔනේ උන් විතරක් එන්න.එකනෙ පාර්ලිමේන්තු වම ඉල්ලන්නෙ හොර හත්ත

    • nimalsiri says:

      corona gena saakachchaawata ithaamathma aduwen janayaa pemineemata hethuwune,edaama raathriye oba
      dunnu mathpen paatiyata laksha dekaka pamana janayaa aapunisai.kohomawunath baduwa ussala deelahari
      nadeeka kella honda gaanak hamba keruwaane.coronavata pinsiddha wenna.

  2. Sri Lankan says:

    If UNP and JVP are so concern about the country situation, why can’t they come to this meeting and discuss about Corona situation. Do they find any medicine by sitting in the parliament?
    This clearly shows their political agenda.

Main News