මහින්ද කැමති අයෙකුට අගමැතිකම.. මහින්දට බෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න මෛත‍්‍රී පිලෙන් යෝජනා..

September 12, 2017 at 10:00 am | lanka C news
මහින්ද කැමති අයෙකුට අගමැතිකම.. මහින්දට බෑ.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න මෛත‍්‍රී පිලෙන් යෝජනා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා සූදානම් බවත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හැර වෙනත් අයෙකුට අගමැති ධුරය ලබා දීමට සූදානම් බවත් ශ‍්‍රීලනිප ආණ්ඩු පාර්ශවය විසින් ඒකාබද්ද විපක්‍ෂය වෙත යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබා දීමට සූදානම් නැතත් ඔහු විසින් නම් කරන ඕනෑම පුද්ගලයෙකු වෙත ඇගමැති ධුරය ලබා දීමට එකගතාවය පල කර ඇති අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකුට ඇමති ධුර යෝජනා කරමින් ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මේ යෝජනාවට ප‍්‍රතිචාර ලෙස ඒකාබද්දයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් දන්වා ඇත්තේ නව අගමැතිවරයෙක් පත් කරන්නට පලමු දැනට සිටින අගමැති හා එජාප ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු සූදානම් කරන ලෙසයි.

78 views