මහින්ද ගෙන්වන්න එපා.. අපි හෑල්ලු වෙනවා.. යහපාලන ලොක්කෙක් පකිස්තානයෙන් ඉල්ලයි.. කණකටවත් නොගෙන පකිස්තානයේදී මහින්දට රාජකීය සැලකිලි..

June 24, 2017 at 9:20 am | lanka C news
මහින්ද ගෙන්වන්න එපා.. අපි හෑල්ලු වෙනවා.. යහපාලන ලොක්කෙක් පකිස්තානයෙන් ඉල්ලයි.. කණකටවත් නොගෙන පකිස්තානයේදී මහින්දට රාජකීය සැලකිලි..

පකිස්ථානයේ උසස්ම ආරක්‍ෂක විදුහලේ ජ්‍යෙෂ්ඨතම හමුදා ප‍්‍රධානීන් සදහා දේශණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරන ලද නිල ආරාධනාව වැලැක්වීම සදහා ආණ්ඩුවේ ඉහල බලවතෙක් දැඩි වෙහෙසක් දරා ඇති බව වාර්තා වෙයි.

මෙරට සිටින පකිස්තාන තානාපතිවරයාටද එම බලවතා දන්වා ඇත්තේ රාජපක්‍ෂ මහතාට පකිස්තානයෙන් කර ඇති මෙම නිල ආරාධනාව වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන්නට කරන ලද නොසැලකිල්ලක් සේ පෙනෙන බැවින් එම සංචාරය සිදු නොවීම වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත් පකිස්තාන තානාපතිවරයා එම රාජතාන්ත‍්‍රික නොවන විරෝදය නොතකා දැනුම් දී ඇත්තේ එම ආරාධනාව පකිතානයේ ජනාධිපතිවරයාගේ ආරාධනාවක් නිසා එය නැවැත්වීම කිසිසේත්ම කල නොහැකි බවයි.

මෙරට කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අසිරිමත් මෙහෙයුම ගැන පකාස්තානයේ හමුදා ප‍්‍රධානීන්ට දේශණයක් සිදු කිරීම සදහා එහි ගිය හිටපු ජනාධිපතිවරයාට එරටින් ඉහලම රාජතාන්ත‍්‍රික පිලිගැනීම් ලබා දී තිබින.

165 views
Main News