මහින්ද-ගෝටාට බාර ගන්න වී ඇත්තේ ගොඩගන්න අමාරු රටක්..

October 10, 2019 at 8:40 am | lanka C news
මහින්ද-ගෝටාට බාර ගන්න වී ඇත්තේ ගොඩගන්න අමාරු රටක්..

රටට ගැලපෙන දේශපාලන සංස්කෘතිය නිර්මාණය කර ගැනීමට පුරවැසියන්ට ඇත්තේ අත් හළ නොහැකි වගකීමක් බවත් ,එය මිල මුදලට හා වෙනත් වරප්‍රසාද වලට පාවා නොදිය යුතු බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

බෞද්ධ සංස්කෘතිය අප රටේ පදනම බවත් හැම දෙනාම එය පිළිගෙන කටයුතු කිරීමෙන් අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට ද නිසි තැන හිමි වන බව කී ඒ මහතා ,රටේ ස්ථිර සාමය සහ සහජීවනය පවත්වා ගෙන යා හැක්කේ එවැනි පරිසරයක යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ පිටබැද්දර – එලමල්දෙණිය හා කොඩිකාරගොඩ ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” රටේ ඉදිරි අනාගතය “මැයෙන් ඉකුත් පැවති සුහද හමු වලට එක් වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

ඉදිරි ජනාධිපතිවරණය රට වෙනසකට ලක් කරන මැතිවරණයක් .ඒ සඳහා කොන්දේසි විරහිතව බහුතර ජනයා ගෝඨාභය රාජපක්‍ෂ මහහා පත් කර ගන්න සුදානමින් ඉන්නෙ .ඔහු සමඟ මහින්ද මහතා සහ බැසිල් මහතා ද සිටීම ලොකු ශක්තියක් .අස්ථාවර ව පවතින රට ඉක්මනින් ස්ථාවර කර ගන්න ඕනෑ .එය තමයි ජනතාවගේ පැතුම.

එදා අපේ මහ පොළව එක්ක බැඳුනු මිනිසා අද පේන්න නෑ .ඇති වී තිබෙන්නේ විකෘති සමාජයක් .පටු සීමා වල සිට ප්‍රශ්න දෙස බලන්නත් ඒවාට විසඳුම් සොයන්නටත් බොහෝ දෙනා පුරුදු වෙලා .මේ නිසා රට හැම පැත්තකින් ම වැටිලා .ජනතාවගෙන් බලය ගන්නා බොහෝ දේශපාලනඥයන් වෙනස් වෙන්නේ බොහොම ඉක්මනින් .ඔවුන් අවංක මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා .නුසුදුසු හා නොගැලපෙන අය ඇසුරෙන් සිදු වන හානිය තේරුම් ගන්න ඕනෑ .මහ ජනයාට කලකිරීම් ඇති වන තැන් ගැන සංවේදී වෙන්න ඕනෑ . සමහරුන් එහෙම හිතන්නෙ නැති නිසා අමාරුවෙ වැටෙනවා .යහ පාලකයන්ට සිදු වුනේ එයයි . ඒවායේ ප්‍රතිපල අනුව ඒ අය ලඟදි ගෙදරයන්නෙ ජනතා කෝපය සහ අප්‍රසාදය මැදයි .තමන් පිරිහෙන සාධක ගැන අවබෝධයක් තිබුනේ නම් එහෙම වෙන්නෙ නෑ .මේවා බොහෝ දේශපාලනඥයන් පාඩම් හැටියට ගන්න ඕනෑ .

ගමේ මිනිස්සුන්ගේ දේශපාලන දැනුම ඉහළ තැනක තිබීම දේශපාලනය කරන අයට අභියෝගයක් .ඔවුන් දැන් නවීන සන්නිවේදනය සමඟ ගැට ගැසිලා .ඔවුන් බලාපොරොත්තු වන්නේ මානව හිතවාදීන්ගෙන් සැදුම් ලත් රාජ්‍ය පාලනයක් .ආදර්ශමත් නායකයන් නිසා රට බැබලෙනවා .මහින්ද මහත්තයට ගෝඨාභය මහත්තයට බාර ගන්න වෙන්නෙ නැවත ගොඩ ගන්න අසීරු රටක් .අප සියලු දෙනාම සුබ අනාගතයක් වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙනවා .අද සියලු ජාතීන් පීඩනයට ලක් වෙලා .එයින් මිදෙන්න නම් සියලු ජාතීන් එක් නායකත්වයක් යටතේ එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි .

රටට වැඩ කර විශ්‍රාම යන විට ජනතාවගේ ආශීර්වාදය නැත්නම් වැඩක් නෑ .යහ පාලකයන් ගෙදර යන විට ලැබෙන ප්‍රතිචාරය .කුමක් විය හැකිද ?

ඉදිරි ජනාධිපතිවරණය නිදහස් ලෙස පැවැත්වෙන්න ඕනෑ .ගමේ සමගියට එය බාධාවක් කර ගත යුතු නෑ .අන් අයගේ මතයට ගරු කරමින් අපි දේශපාලනය කළ යුතුයි .විවිධ මත හා අදහස් මතුවීමෙන් අලුත් අදහස් උපදිනවා .එය රටක් ඉදිරියට යන්න අවශ්‍යයි .” යැයි ද හෙට්ටිගේ මහතා කීය .

Khmedia

55 views

8 Comments to “මහින්ද-ගෝටාට බාර ගන්න වී ඇත්තේ ගොඩගන්න අමාරු රටක්..”

  1. සිංහලයා says:

    සහතික ඇත්ත..

  2. suresh says:

    අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවල උදේ රැස්වීමකට. හවස් වරුවට ගෝල් ෆේස් දක්කන්න හදන්නේ . මැකෝ නිදි ද ?

    • ක්‍රිමිනල් says:

      මැකො ට පැමිණිල්ලක් දාපම්කො හැම පේජ් එකේම කොට කොට ඉන්නැතුව.

  3. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂

  4. Citizens says:

    ගෝටා බබා සහ හොරු 40 රට කාලා අියිත් කන්න එනවා. දෙයියන්ගෙම පිහිටයි.

  5. Nadaal says:

    This is the absolute truth sir. HEP MR and GR have to win this battle of economic and rebuilding Sei Lanka , the same way they confronted the most ruthless terrorist organization in the world and totally defeat those who are responsible in destroying and looting this country’s wealth and resources. The intelligent masses should make the right decision this time if we need a prosperous and a peaceful country . Never believe in false promises like in year 2015 and select those who were tested and proven. Long live SriLanka.

  6. Bandq says:

    ඒ කියන්නේ ජන අරගල හා වෙඩි සුලබ දෙයක් වෙයිද?

Main News