මහින්ද-ගෝටා සහෝදරයන් රට පාලනය කරද්දී එලහරකා-මීහරකා පාලනය අවසන් වෙනවා..

November 5, 2019 at 8:02 am | lanka C news
මහින්ද-ගෝටා සහෝදරයන් රට පාලනය කරද්දී එලහරකා-මීහරකා පාලනය අවසන් වෙනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාර කාරත්වයට පත් වන අප රට යළි දියුණු රටක් ලෙස ගොඩ නැන්වීමට ,පවත්නා දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් සිදු විය යුතු බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්‍ෂ නායකයන් යුගයට ගැලපෙන ලෙස වෙනස්ව සිතිය යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් යහපාලකයන් බාර ගත් අප රට මේ වන විට තිබෙන්නේ අඳුරු තැනක බව කී ඒ මහතා ,එයින් ගොඩ ඒම සිතන තරම් පහසු ක්‍රියාවලියක් නොවන බව ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,” ජනාධිපතිවරණය සහ රටේ අනාගතය ” මැයෙන් අකුරැස්ස – බංගම,තිහගොඩ – හතමුණ ,පල්ලේගම ,කපිලවත්ත ,දෙනියාය ඉහළගම ,හක්මණ – මාකඳුර ,බෙරලපනාතර කොටපොළ – බෝදෙනිය ,හිගුරුපනාගල ,වෙල්ගම්ගොඩ ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් පැවැති සුහද හමු වලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” රට වැටී ඇති අයහපත් තැනින් ගොඩ ගන්න තිබෙන එකම තැන ජනාධිපතිවරණයයි .දැක්මක් සහිත නායකයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට සුදුසු යැයි බහුතර පොදු ජනතාවගේ ද ආශීර්වාදය ලැබී තිබෙනවා .

යහපාලනය නිසා රටම අවුල් .මිනිසුන් මානසික පීඩනයට ලක් වෙලා .දහ දෙනෙකුගෙන් හතර දෙනෙකු මානසික රෝගී තත්වයෙන් පසු වන බව වාර්තා වෙනවා .සමාජය තුළ වෛරය ක්‍රෝධය පැතිරිලා .සමහරුන් අන් අයගේ චරිත ඝාතනය කරමින් දේශපාලනය කරනවා .මේ අයට දැක්මක් නෑ .තිබෙන්නේ ආත්මාර්ථකාමී හැඟීම් පමණයි .

ජාති ආගම් භේද ඇතිවෙන්න ඉඩ දී පාලකයන් තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරනවා . පසු ගිය වසර හතරකට වැඩි කාලයක් තුළ අප එය හොඳින් දැක්කා .එයින් සිදු වූයේ සියලු ජන කොටස් අතර අවිශ්වාසය ඇති වීමයි .ඒ නිසා අන්තවාදයට ඉඩ ලැබුනා .ජාතිවාදී – ආගම්වාදී ගිනි දැල් මතු වුණා .මේ දේශය නැවත මනුස්සකමින් යුත් මිනිසුන්ගෙන් පිරී යා යුතුයි .

රටේ ආරක්ෂාව ශක්තිමත් නොකර ආර්ථිකය නන්වන්න බෑ .රටේ ආරක්ෂාවට මුල් තැන දෙන්නේ ඒ නිසයි .ගම් 25000 ඉලක්ක කර ගත් සංවර්ධන සැළැස්ම ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා .ඒ මගින් වැටී ඇති ගැමි ආර්ථිකය යළි ශක්තිමත් වේවි . දේශාභිමානී හැඟීමෙන් යුත් මනසින් යුතුව අප සියලු දෙනා රට වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ .

රට පළමු තැන තබා කටයුතු කරන සහෝදරයන් දෙදෙනෙක් අතට රට පාලනය කිරීමේ බලය ලැබීමෙන් අනාගතය ගැන බිය විය යුතු නෑ .බල තල ගැටුමක් නෑ .යහපලනයට ජනතාව කීවේ එළ හරකා සහ මි හරකා එකට බැඳුන වගේ කියල .ගෝඨාභය මහතා සහ මහින්ද මහතා එක් ව හදන ආණ්ඩුව ගැන ප්‍රගතිශීලි ජනතාව අපේක්ෂා සහගතව බලා සිටිනවා .එය නව යුගයක ආරම්භයයි .සියලු ජන කොටස් වලට සාමයෙන් – සමගියෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය වේවි .

යහපාලන ආණ්ඩුවේ මහජන මුදල් විනාශ කළ අයට දඬුවම් දිය යුතුයි .වැරැදි ලෙස නීතිය ක්‍රියාත්මක කළ අය ගැන සොයා බලන්න ඕනෑ . වෛරකාරී දේශපාලනය නිසා යහපාලනය ඉතිහාසයේ අසාර්ථක ම ආණ්ඩුව වුණා .රාජ්‍ය නිලධාරීන් හිරේ යැවීමෙන් රජ්‍ය සේවයම අකර්මන්‍ය වුණා .අනාගතයේ එවැන්නක් සිදු නොවන ලෙස රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාව ලැබෙන නීතිමය පසු බිමක් හැදෙන්න ඕනෑ .” යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය

– Khmedia

134 views

5 Comments to “මහින්ද-ගෝටා සහෝදරයන් රට පාලනය කරද්දී එලහරකා-මීහරකා පාලනය අවසන් වෙනවා..”

  1. මව්බිම දිනවමු says:

    කුඩු TV, ගංජා TV, කොටි TV ප්‍රචාරයන්ට නොරැවටෙන්න.
    දේශයේ දූ පුතුණි මහබැංකු-මැදමුලන හොර නඩයට චන්ද ලක්ෂ 30-40 අහිමි කර මව්බිමේ සමූහ දූෂකයන්ගේ 71වසරක බලය මෙවර බිඳ දමමු.
    2015දි හොරැ අල්ලනවා කියා බලයට පත් වූවන් කලේ හොරැ,මිනිමරැවන් සමග, එකිනෙකා ආරක්ෂා කරන ශුද්ධවූ ගිවිසුමකට එලඹ මහ බැංකුව කොල්ල කෑමයි.
    මහ බැංකු-මැද මුලන හොර නඩය ජනතාවගේ ඇසට වැලි ගසා දිගින් දිගටම එකිනෙකා රැක්කා.මහ බැංකු-මැද මුලන හොර නඩය දිගින් දිගටම එකිනෙකාව රැක ගත්තේ මේ රටේ ජනාතාවගෙන්,යුක්තියෙන් හා සාධාරණත්වයෙන් වග මතක තබා ගමු.

    • ගොඨාභයට මහින්දට මනාප ක්‍රමය ඉවත් කිරීමට බරපතල බාධාව පාර්ලිමෙන්තුවේ බහුතරය ගිලිහීයාමයි.. හිස්බුල්ලාට හකීම්ට සම්බන්ධන්ට මුක්කු ගසන්නේ ඒ නිසාය.එජාපයටද එය බලපාන නමුත් ඔවුන් අවංකවම ක්‍රමය වෙනස් කිරීමට උනන්දුවක් නැත. පහුගිය අවු. 50ක පමණ කාලයක් මේ දේශපාලන ක්‍රමය ඇතිකිරීමට තිරය පිටුපස සිට ගේම් ගහන්නේ විදේශ මුදල්මත යැපෙන NGO කාරයන්ය. ඔවුන්ගෙන් මුදල් ගෙන ඔවුන්ගේ න්‍යායපත්‍රයට මිනිසුන් ගොනාට ඇන්දවීම අද රටේ ලාභදායීම ව්‍යාපාරයකි. එම ව්‍යාපාරයේ ඉහලින්ම වැජ්ඹෙන්නේ ජවිපෙයි. මෙය හුදෙක් බොරු මාලිමාව පෙන්වා අප යායුතු දිශාව වෙනස් කිරීමක් පමණි. මහේෂ් සේනානායක මේ අංශයට නවකයෙකි. පල්ලෙගම නිසි ප්‍රතිපත්තියක් ඇති අයකු වුවත් ජනතාව අතරට ගොස් නැත. මනාප ක්‍රමය වෙනස් කල විට මොන පක්ෂයෙත් හොරු ඉදිරිපත් වීම නවතී. එසේ නම් ගොඨාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කර 2/3 බලය සිංහලයාට ලබා ගනිමු. මහින්ද රාජපක්ෂගේ පවුල්වාදයත්, එජාපයේ සමලිංගික වාදයත් ගොඨා විසින් අහවර කරනු ඇත.ඉන්පසු සුදුසු පුද්ගලයන් පමණක් පුටුවලට පත්වනු ඇත. ඉන් එහාට සිංහල දෙමල මුස්ලිම් නොව ලාංකිකයන් ලෙස සංවර්ධිත රටක් සඳහා පදනම වැටෙනු ඇත.

      • මව්බිම දිනවමු says:

        බොරැ සෝබන කතා එපා.
        NGO හා මේ ආණ්ඩු හැම එකම දුවන්නේ ණය හෝ වෙනත් විදියකට විදේශ වලින් ලැබෙන මුදල් වලින්..
        ලොකුම NGO එක තමා මේ රාජ්‍යය.මේ රාජ්‍යය අපේ නොවේ හේතුව එය පාලනය කරන්නේ ණය දෙන රටවල්.
        තමුසෙලා ලොකුම NGO එක ඇතුලේ ඉදගෙන NGO වලට විරැද්ධ වීම විහිලුවක්.ඔය කියන පොඩි NGO ක්‍රියා
        කරන්නේ ආණ්ඩුව කියන මහ NGO එකේ අනුග්‍රහය මත කියලා දැනගනු.

  2. kamal says:

    එළ හරකා හා මි හරකා මතක් වෙද්දි මට මහ සෙනෙවි සැරියුත් හාමුදුරුවන්ගෙ බණක් මතක් වෙනවා . ඒ තමයි ඡන්ද රාගය තමයි බන්ධනය. නමුත් සමහර අය වැරදි විදියට අභිධර්මය පරිහරණය කර හිතාගෙන ඉන්නෙ සත්වයෙක් පුද්ගලයෙක් නැ කියා. එය වැරදි එල හරකා මි හරකා ඉන්නවා බන්ධනය තමයි නැති කල යුත්තෙ. සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා නැත්තෙ ආත්මයක් එනම් වසගෙ පැවත් විය හැකි දෙයක් නැ. තව පැහදිලි කරනවානම් නාම රුප කියන්නෙ මොකද ඒක තමයි නාම රුපත් තියෙනවා එය නැති වෙන්නෙ පිරිණිවන් පැමෙන් පසු. ලෝක ගුරු කිරිබත්ගොඩ හිමිට නමස්කාර වේවා මිට කමල් හෙවත් දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

  3. පොඩි බයියා says:

    එලහරකා – මීහරකා පන්නා අලි බබා සහ හොරු නඩයට රට බාර දීමට බයි වහලුන් වන අප සැදී පැහැදී සිටින්නෙමු.

Main News