මහින්ද ඝාතන කුමන්ත‍්‍රණය තවත් තියුණු කෙරේ.. තවත් ආරක්‍ෂකයින් 50ක් ඉවත් කරයි..

May 7, 2017 at 10:27 pm | lanka C news
මහින්ද ඝාතන කුමන්ත‍්‍රණය තවත් තියුණු කෙරේ.. තවත් ආරක්‍ෂකයින් 50ක් ඉවත් කරයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තවත් 50 දෙනෙකු වහාම පොලිස් මූලස්ථානය වෙත කැදවා තිබේ.

ඒ අනුව සතියක් තුලදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් 92ක් ඉවත් කර ඇත.

මෙය පැහැදිලිවම රාජපක්‍ෂ මහතා පහසු ඝාතන ඉලක්කයක් බවට පත් කරවීමේ ආණ්ඩුවේ සැලසුමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ආණ්ඩු විරෝධී වැඩසටහන් සදහා ඔහු සහභාගී වීම සීමා කිරීමද මෙහි උපක‍්‍රමයක් සේ සැලකිය හැකි බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව ඉතිරි වන සුළු ආරක්‍ෂක භට පිරිසෙන් 1/3ක් සෑම අවස්ථාවකදීම නිවාඩු ලබා යන අතර අනෙක් එක් කොටසක් එිටපු ජනාධිපතිවරයා අසල රැදී සිටියදී ඉතිරි පිරිස පෙර ආරක්‍ෂක සූදානම් සදහා යෙදවීමට කිසිසේත්ම ප‍්‍රමාණවත් නැතැයිද ඔහු පැවසීය.

135 views
Main News